මොරටුව නගරාධිපතිගේ ගේ ළඟ ගුටි කෙළි 40 දෙනෙක් තුවාල ලබති  

359

ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් මොරටුව ඉඳිබැද්ද සහ විල්ලෝරවත්ත ප‍්‍රදේශවල ජනතාව විරෝධතා පාගමනක යෙදුණු අයුරු. ඡායාරූපය – ඉරංග ගුණවර්ධන

මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතාගේ නිවස අසල ඊයේ (01 දා) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයකදී පුද්ගලයන් 40 දෙනකු තුවාල ලබා ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.

නගරාධිපතිවරයාගේ ගෝලබාලයන් හා වඩු කාර්මිකයන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබිණි. මෙහිදී දෙපාර්ශ්වයේම අය තුවාල ලැබූහ. එහිදී වඩුකාර්මිකයන් නගරාධිපතිවරයාගේ නිවසට ද ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම වඩු කාර්මිකයන් මුලින්ම ගාලූ පාර, මොරටුව කුරුස හන්දිය ප‍්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක ද නිරතවී ඇත. එම විරෝධතාවයෙන් පසු ඔවූහු විල්ලෝරාවත්ත ප‍්‍රදේශයේ සිට මොරටුව නගරාධිපතිවරයාගේ නිවස දක්වා පා ගමනින් ගමන් කළහ. එහිදී මෙම ගැටුම ඇති විණි.

ඊයේ රාති‍්‍ර වන විට නගරාධිපතිවරයාගේ නිවස ආශි‍්‍රත ප‍්‍රදේශයේ ආරක්‍ෂාව පොලිසිය යොදවා තර කර තිබිණි.

වඩු කාර්මිකයන් මුහුණ දෙන ගැටලූවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවූහු විරෝධතාවයේ නියැළුණහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, හෙන්රි පි‍්‍රයශාන්ත මෙන්දිස්-මොරටුව සහ පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment