මොරොක්කෝව පළමුවරට අවසන් 8ට

221

2010 වසරේ පාපන්දු ලෝක ශූරයන් මෙන්ම මේ වන විට ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 7 වෙනි ස්ථානයේ පසුවන ප්‍රබල ස්පාඤ්ඤය පරාජය කරමින් මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

එම දක්ෂතාවය පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටය සඳහා මොරොක්කෝව සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව වේ.

එමෙන්ම අප්‍රිකානු කලාපයේ රටක් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ 4 වෙනි අවස්ථාව ලෙස ද මොරොක්කෝවේ ජය සටහන් වේ. ස්පාඤ්ඤය සහ මොරොක්කෝව අතර පෙරේදා පැවති තරගයේ විසඳුමක් තරගයේ නියමිත කාලයෙන් පසුව සහ අතිරේක කාලයෙන් පසුවද නොලැබීම හේතුවෙන් දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයා තෝරනු ලැබීය.

එහිදී 3-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට මොරොක්කෝව සමත්වූ අතර මෙවර තරගාවලියේ ඉහළම ජයග්‍රහණය වූ ගෝල් 7-0ක ජයග්‍රහණයක් මූලික වටයේදී වාර්තා කළ ස්පාඤ්ඤයේ ගමන මොරොක්කෝව හමුවේ නිමා විය.

advertistmentadvertistment
advertistmentadvertistment