මොස්කව් වූෂු තරු ශූරතාවලියේදී කාශ්මීරයේ දැරියකට රන් පදක්කමක්

306

රුසියාවේ මොස්කව් නුවර පැවැති වූෂු තරු ශූරතා වලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ ඉන්දියාවේ කාශ්මීරයේ පදිංචි 15 හැවිරිදි දැරියක වන සාදියා තාරීක් රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.

ඇය රන් පදක්කමක් දිනා ගත්තේ එම ඉසව්වේ රුසියාවේ ප්‍රියතම ක්‍රීඩිකාව පරාජයට පත්කරමිනි.
සාදියාගේ මෙම විශිෂ්ට දස්කම් සම්බන්ධව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද ට්විටර් පණිවුඩයක් මගින් සුභපැතුම් එක්කර ඇත.

සිය ජාත්‍යන්තර ජයග්‍රහණයෙන් පසු අදහස් දක්වමින් ඇය පැවසුවේ වෛiවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වීමට මා තුළ සිහින නැහැ. මගේ එකම සිහිනය රට වෙනුවෙන් ජාත්‍යන්තර තරගවලට සහභාගිවී රන් පදක්කම් දිනා ගැනීම සහ යම් දිනෙක ඉන්දියාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගයකට සහභාගි වීම යැයිද ඇය පැවැසුවාය.
කුඩා කල සිටම වූෂු ක්‍රීඩාවට යොමුවී ඇති සාදියා දේශීය මට්ටමින් පැවැති තරගවලට
සහභාගිවී පදක්කම් රැසක් හිමිකරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment