මොස්ක්වා නැවේ  කාර්ය මණ්ඩලය පළමු වරට පෙන්වයි

687

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මොස්ක්වා යුද නෞකාවේ කාර්ය මණ්ඩලය යැයි පෙන්වන ඡායාරූප ප්‍රකාශයට පත් කර ඇත.

 එම නෞකාව ගිලී යෑමෙන් පසු එහි සිටි නාවික ප්‍රජාව ලෝකය විසින් දුටු පළමු අවස්ථාව මෙයයි.

 ක්‍රිමියානු වරාය නගරයක් වන සෙවැස්ටොපෝල් හි මෙම නැවියන් පිරිස පෙළපාලියකට සහභාගි වන අයුරු දක්නට ලැබිණි. මොස්ක්වා නෞකාව රුසියානු නාවික හමුදාවේ කළු මුහුදේ බලඇණියේ ප්‍රමුඛයා විය.

 නෞකාවේ අභාවය රුසියානු චිත්ත ධෛර්යයට විශාල පහරක් ලෙස විස්තර කර ඇත.

 පතොරම් පුපුරා යෑමෙන් ඇති වූ ගින්නකින් පසු මොස්ක්වා කුණාටු සහිත මුහුදේ ගිලී ඇති බව අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment