මොළය මියගිය මවගේ වකුගඩු දෙකෙන් තවත් දෙදෙනකුගේ ජීවිතයට එළිය

821

පියා අහිමි දියණිය සහ පුතු තම මවගේ මොළය මිය ගිය බවට දැඩිසත්කාර ඒකක විශේෂඥ වෛද්‍යවරු පැවසීමෙන් පසුව අවයව ගෙන කාට හෝ බද්ධ කරන ලෙස දැනුම් දුන් පුවතක් මහනුවර ජාතික රෝහලෙන් වාර්තා වේ.
 
 මෙලෙස දැනුම් දී ඇත්තේ අඹතැන්න කහවත්ත ප‍්‍රදේශයේ පදිංචි විසිහැවිරිදි දියණිය සහ දහතුන් හැවිරිදි පුතුය. ඔවුන්ගේ පියා වන උපාලි ජයසිංහ මහතා මෙයට වසර හතරකට පමණ පෙර විෂබීජයක් ශරීරගතවීම මත මරණයට පත්ව තිබිණි. මව වන හතළිස් පස් හැවිරිදි ඒ. ජී. චාන්දනී පුෂ්පකුමාරි වන ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි බවට දහහතරවැනිදා වෛද්‍යවරු තීරණය කර තිබිණි. ඉන්පසු ඇගේ වකුගඩු තවත් රෝගීන් දෙදෙනකුගේ ජීවිත බේරා ගැනීමට සඳහා පරිත්‍යාග කිරීමට දරුවන් කැමැත්ත පළකර තිබිණි.
 
 ස්නායූ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනක පීරිස්, නිර්වින්ද විශේෂඥ වෛද්‍ය බුද්ධිනී යන මහත්ම මහත්මීන් මවගේ මොළය මියගොස් තිබෙන බව දැනුම් දීමෙන් පසු දරුවන් දෙදෙනා ඇගේ අවයව බද්ධ කිරීම සඳහා ලබා දීමට ඇති හැකියාව විමසා ඊට කැමැත්ත පළකර ඇත.
 
 අනුව ශල්‍ය වෛද්‍ය විශේෂඥ චාරිත ප‍්‍රනාන්දු මහතා විසින් වකුගඩු දෙක පෙරේදා (14* පෙරවරුවේ සැත්කමක් මගින් ලබාගෙන තිබේ. ඉන් එකක් මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි කෑගල්ලේ පදිංචි අයෙකුට ශල්‍ය වෛද්‍ය විශේෂඥ එල්. හරිශ්චන්ද්‍ර මහතා විසින් ඊයේ (15* පෙරවරුවේ බද්ධකර තිබේ. අනෙක් වකුගඩුව මීමුරේ පදිංචි වකුගඩු රෝගී කාන්තාවකට ඊයේ (15* පස්වරුවේ බද්ධ කරනු ලැබ ඇත්තේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ චාරිත ප‍්‍රනාන්දු මහතා විසිනි.
 

 සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment