මොළය මියගිය රෝගියාගේ අනෙකුත් අවයව ගන්න බදුල්ලෙන් කොළඹට  ගුවනින් ගෙනෙයි

276

හදිසි අනතුරකින් තුවාල ලබා මොළය මියගිය පුද්ගලයකුගේ අනෙකුත් ශරීර අවයව ලබා ගැනීම සඳහා ඊයේ (31 වැනිදා) ගුවන් හමුදා විශේෂ හෙළිකොප්ටර් යානයකින් බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබේ.

මොළය මියගිය පුද්ගලයන්ගේ අනෙකුත් ශරීර අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීමට සහාය වීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඇතිකර ගත් එකඟතා ගිවිසුමකට අනුව ගුවන් හමුදාව එම රෝගියා කොළඹට ගෙනවිත් ඇත.

මෙම රෝගියා ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් හමුදාවේ 04 වැනි හෙලිකොප්ටර් බළගණයට අයත් ගුවන් ගිලන් රථයක් ලෙස ගුවන් හමුදා විසින්ම විශේෂයෙන් සකස් කරන ලද බෙල් 412 යානයක් යොදාගෙන තිබිණි.

මෙම රෝගියාගේ අනෙකුත් අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීමට නියමිත අතර විශේෂයෙන් මෙරට පළමු වතාවට සිදු කිරීමට නියමිත හදවත් බද්ධ සැත්කම සඳහා යොදා ගැනීමටද නියමිතව ඇත.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment