මොළ හතක් තියෙන අයට – උද්ධච්චකමින් මේ අර්බූදය විසඳන්න බැහැ

828

* මුළු රටම හරිමගට

*දසවැදෑරුම් යෝජනාවලිය එළිදැක්වීම

මොළ හතක් තියෙන අයට - උද්ධච්චකමින් මේ අර්බූදය විසඳන්න බැහැ

ශී‍්‍ර ලංකාවේ විදේශ විනිමය සංචිත වර්ධනය කර ගැනීම සඳහා විදේශ මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබා නොගෙන වෙනත් රාජ්‍යයන්ගෙන් ණය ලබා ගැනීම ඇතුළු යෝජනා දහයකින් යුත් ‘මුළු රටම හරිමගට’ දසවැදෑරුම් යෝජනාවලිය ඊයේ (02 දා) සවස ජයවර්ධනපුර කෝට්ටේහිදී එළිදැක්වීය.

මොළ හතක් තියෙන අයට - උද්ධච්චකමින් මේ අර්බූදය විසඳන්න බැහැ

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග‍්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශී‍්‍ර ලංකා මහජන පක්ෂය, විජය ධරණි ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන පක්ෂ එකොළහ විසින් යෝජනා දහයක් ඇතුළත්ව මෙම ජාතික ප‍්‍රකාශනය සකස් කර ඇත.

මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපති සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සභාපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන ඇමැතිවරුන් ද පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක මහතා ද මහා සංඝරත්නය ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

රට ණය උගුලක හිරවීම, බදු වංචා, රාජ්‍ය ආදායම් පහළ දැමීම, අ¥රදර්ශී කළමනාකරණය මත ආර්ථික අර්බුදය උග‍්‍රවීම සහ රාජ්‍ය පාලනය මෙන්ම මහජන සේවාව බිඳවැටීම, ආහාර සුරක්ෂිතතාව බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධති බිඳ වැටීම සහ දීර්ඝකාලීන යටත් විජිතකරණය න්‍යාය පත‍්‍රයකට ඉඩ සලසා දීම යන පස් වැදෑරුම් අර්බුදයන් විසඳුමක් ලෙස මෙම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබ ඇත.

එම දස වැදෑරුම් යෝජනාවලිය ලෙස විදේශ විනිමය සංචිත වර්ධනය කර ගැනීම, සීනි සහ පොල්තෙල් බදු වංචා ඇතුළු සියලූම බදු වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීම, කෑම බීමෙන් හිඟ නැති රටක් ගොවියට, ධීවරයාට සහ පරිසරයට ගරු කරන සමාජයක් ඇති කිරීම, දේශීය කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කිරීම, අශිෂ්ටත්වයෙන් ශිෂ්ටත්වයට ජාතියේ හෘද සාක්ෂිය රැුක ගැනීම, වෙනසක් සඳහා මනසක් සෑදීම, තරුණ පරපුර රැුකියා නියුක්තිකයන් බවට පත් කිරීම, සමාජ සාධාරණත්වය ජාතියේ අනන්‍යතාවය බවට පත් කිරීම, බලවතුන්ගේ ගොදුරක් නොවී නැගීසිටීම සහ ¥ෂණය වැළැක්වීමට කටයුතු කිරීම සඳහා යෝජනා ගණනාවක් ඇතුළත්ව එය ඉදිරිපත් කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ රට තුළ ඇති සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමට දැන් හෝ රජය කටයුතු නොකළහොත් ජනතාව රජයට එරෙහිව කැරලි ගැසීම වැළැක්වීමට නොහැකි වනු ඇති බවය. රටේ ප‍්‍රමුඛ අවශ්‍යතා කුමක්ද යන්න රජයේ බලධාරීන් නිසි ලෙස වටහා ගෙන නැති බවත් චෝදනා කළ හෙතෙම ඇතැම් වගකිවයුතු ප‍්‍රබල දේශපාලනඥයන්ගේ හැසිරීම් සැක සංකා පහළ කරන්නක් බවත් හෙතෙම කීවේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා මෙහිදී අදහස් දක්වමින් ලෝක බලවතුන්ට රට අල්ලා ගැනීමට පහසු වන ලෙස ඇතැමුන් කටයුතු කරමින් ඇතැයි කීවේය. රට තුළ විෂම තත්ත්වයක් ඇති කර ඒ සඳහා ඇතැමුන් පාර කපන බව කී හෙතෙම රට අර්බුදයෙන් අර්බුදයට යන්න දී කිසිවකුට හෝ සතුටින් සිටීමට හැකි නම් ඔහු රටට හිතැති කෙනෙක් නොවන බව ද පැවසීය.

මගෙ මොළෙයි තව හයකුයි තියන අයට මේ අර්බුදය විසඳන්න බෑ. මේකට විශේෂඥ උපදෙස් ගත යුතුයි. ඒ අනුව යම් සැලසුමක් සකස් කරන්න අපට උදව් දෙන රටවලින් සහාය ලබාගත යුතුයි. නමුත් මේ උද්ධච්චකමට මේ අර්බුදය විසඳන්න බෑ. මහ බැංකු අධිපතිටවත් මුදල් ඇමැති මුණගැහෙන්න බෑ.

මෙහිදී පවතින අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් වහා කැඳවිය යුතු බව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

ඡායාරූප – තුෂාර අතපත්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment