මෝගන් ජගත් ක්‍රිකට් පිටියෙන් යයි

288

එංගලන්ත සීමිත පන්දු වාර ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝගන් ඊයේ (28 වෙනිදා ) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.

එංගලන්තය වෙනුවෙන් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර දුන් එකම නායකයා වන මෝගන් එරට වෙනුවෙන් වැඩිම එක්දින සහ පන්දුවාර විස්ස විස්ස ක්‍රිකට් තරග සඳහා නායකත්වය ලබා දුන් ක්‍රීඩකයාද වෙයි.

එක් දින ක්‍රිකට් තරග 248ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 115 ක් සඳහා ක්‍රීඩා කර ඇති මෝගන් ඒ අතරින් එක් දින තරග 126 කට සහ පන්දු වාර 20 – 20 තරග 115කට නායකත්වය ලබාදී තිබේ. එහිදී පිළිවෙළින් ජයග්‍රහණ 76ක් සහ 42ක් වාර්තා කර ඇති මෝගන් මේ වනවිට තිස් පස් හැවිරිදි වියේ පසු වෙයි. මොගන් ගේ සමුගැනීමෙන් හිස්වන නායකත්වය ජොස් බට්ලර්ට පිරිනැමීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment