මෝටර් රථයක සිරවී පාසල් සිසුවෙක් මිය යයි

703


පිළියන්දල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ මෝටර් රථයක් තුළ සිරවූ පාසල් සිසුවෙකු මියගොස් ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල මාම්පේ ජය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම අවස්ථාවේ සිසුවාගේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවය.

එදින සිසුවාගේ නිවුන් සොහොයුරා සමඟ ඔහුගේ මව ජයවර්ධනපුර රෝහලට පැමිණ ඇති අතර වැඩිමල් සොහොයුරිය සහ පියා රැකියාව වෙත ගොස් තිබේ.

සිසුවාගේ මිතුරෙකු නිවසට පැමිණ සිසුවා නොමැති බව දැනගැනීමත් සමඟ ඒ පිළිබඳව දුරකථනයෙන් සිසුවාගේ පියාට දැනුම්දී ඇති අතර ඒ අනුව මියගොස් ඇති සිසුවාගේ පියා කඩිනමින් නිවස වෙත පැමිණ කළ සොයාබැලීමකදී නිවසේ නවතා තිබූ මෝටර් රථය තුළ සිරවී සිටි තම දරුවා දැක ඇත.

අනතුරුව කඩිනමින් දරුවා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවත් එහිදී සිසුවා මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

ගල්කිස්ස අපරාධ කොට්ඨාශයේ විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් මෝටර් රථය පරීක්ෂා කිරීමට නියමිතව තිබුණි.පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment