මෝටර් රථය බසයේ ගැටී නාවික හමුදා වෛද්‍ය සහායක මරුට – බිරිඳට බරපතළයි

204

දිවුලපිටිය – කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ දිවුලපිටිය නගරය ආසන්නයේදී ඊයේ (08 දා) උදේ මෝටර් රථයක් සහ ඇඟලූම් කම්හල් සේවක සේවිකාවන් ප‍්‍රවාහනය කරන බස්රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථය ධාවනය කළ වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන වෛද්‍ය සහායකයා මියගොස් එම රථයේ ගමන් කළ කොළඹ ජාතික රෝහලේ හෙදි නිලධාරිනියක් වූ බිරිඳ බරපතළ තුවාල ලබා ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලිසියේ රථවාහන අංශය පවසයි.

මෝටර් රථය බසයේ ගැටී නාවික හමුදා වෛද්‍ය සහායක මරුට - බිරිඳට බරපතළයි

පොල්ගහවෙල හලබඩ ප‍්‍රදේශයේ පදිංචි ආර්. ඞී. ගිහාන් මධුසංඛ වීරසිංහ නමැති 27 හැවිරිදි වෛද්‍ය සහායකයා මෙසේ මියගොස් ඇති අතර පන්නල වලකුඹුරුමුල්ල ප‍්‍රදේශයේ පදිංචි සුපිනි සදීරා මංචනායක නමැති 26 හැවිරිදි එම මරණකරුගේ බිරිඳ තුවාල ලබා තිබේ.

මරණකරු හෙදි නිලධාරිනිය සමග විවාහ වී ඇතත් කොරෝනා හේතුවෙන් විවාහ මංගල උත්සවයක් ගෙන නොමැති හෙයින් තුවාල ලබා සිටින හෙද නිලධාරිනිය තම දෙමාපියන් සමග පන්නල ප‍්‍රදේශයේ පදිංචිව සිටින බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය වෛද්‍ය සහායක නිලධාරියා තම බිරිඳ වූ හෙද නිලධාරිනිය සමග බිරිඳගේ පන්නල පිහිටි නිවසේ සිට මෝටර් රථයෙන් රැුකියාවට යමින් සිටියදී රියැදුරු වූ වෛද්‍ය සහායක නිලධාරියාට නින්ද යෑම අනතුරට හේතුවී ඇතැයි පොලිසිය කියයි.

සේවක සේවිකාවන් ඇඟලූම් කම්හලට බස්සවා බස් රථය ආපසු එමින් සිටියදී බස්රථය අනතුරට ලක් වී තිබේ. බස් රථය නියම මං තීරුවේ ගමන් කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීන් පැවසීය.

දිවුලපිටිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. මහීපාල ගුණවර්ධන, පො.කො. වරුන් වන බුද්ධික (85805* සහ රොෂාන් (78793* යන නිලධාරීහු අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

අනතුරින් මියගිය වීරසිංහ මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දිවුලපිටිය හොරගස්මුල්ල දිසා රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබූ අතර අත්අඩංගුවට පත් බස් රථයේ රියැදුරු මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක
 

advertistmentadvertistment
advertistmentadvertistment