මෝටර් රථ ප්‍රවාහනයේ ගෙවීම් ඊ වෙයි

293


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන් පිට ප්‍රධාන කාර්යාලය සහ වේරහැර රියදුරු බල පත්‍ර කර්යාලය මඟින් සපයනු ලබන සේවාවන් සඳහා මුදල් මඟින් කරනු ලබන සියළුම ගෙවීම් කටයුතු අද (05) සිට ඉලොක්ට්‍රෝණික කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

මහජන බැංකුව හා සහයෝගීව එක්වෙමින් මෙම සේවාව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබයි.
ඒ සම්බන්ධ ගිවිසුමට අත්සන් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා හා මහජන බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී කේගබී රාජපක්ෂ මහතා අතර අද දින සිදු විය.
එහිදී පළමුවරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභියකු ඉලොක්ට්‍රෝණික් කාඩ්පත් හරහා තම මුදල් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ගෙවීමද සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment