මෝටර් රථ සේවා කටයුතු හා කාර්මික සේවය වඩාත් විශ්වාසනීයත්වයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් සිදු කිරීමට mymech වෙතින් ඩිජිටල් වේදිකාවක්

125

මෝටර් රථ සේවා කටයුතු හා කාර්මික සේවය කඩිනමින්, වඩාත් විශ්වාසනීය හා කාර්යක්ෂම ලෙස සිදුකර ගැනීමට මෝටර් රථ හිමි කරුවන් සදහා සකස් කරන ලද පළමු ශ්‍රී ලාංකීය ඩිජිටල් වේදීකාව වන “ඔටෝ කෙයාර් හබ් සේවාව” ශ්‍රී ලංකාව පුරා දීප ව්‍යාප්තව සිය මෙහෙයුම් ජාලය ක්‍රියාත්මක කර ඇති බව mymech ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරි මොහොමඩ් අෆ්සාල් මහතා සඳහන් කරයි.

මෝටර් රථ සේවාවන් හා කාර්මික සේවාවන් බලාපොරොත්තු වන පාරිභෝගිකයින් තුළ විශ්වාසනීයත්වය, ආරක්ෂාව හා කාර්යක්ෂමතාවය ගොඩනැගීම තුළින් ශ්‍රී ලංකාවේ වාහන සත්කාරක මධ්‍යස්ථානය බවට mymech පත්විමේ ඉලක්කය අරමුණු කොට සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවනු ලබයි.

වාහන සත්කාර කර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ගොඩනැගීම, සාධාරණ සහ විනිවිදභාවය සහතික කිරිම තුළින් අඛණ්ඩ සේවාවක් ලබා දීම, සෑම පාර්ශවකරුවෙකුටම නිසි සැලකිල්ලෙන් හා ගෞරවයෙන් සැලකීම, නව්‍යතාවය හරහා වාහන සත්කාර කර්මාන්තයේ පරීවර්තනීය වෙනසක් ඇතිකිරීම, සමාජය හා ස්වභාවධර්මය සමග කටයුතු කිරීම යන මූලික අරමුණ පෙරදැරිව සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.

මෝටර් රථ සේවා කටයුතු හා කාර්මික සේවය වඩාත් විශ්වාසනීයත්වයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් සිදු කිරීමට mymech වෙතින් ඩිජිටල් වේදිකාවක්

mymech විසින් මෝටර් රථ හිමිකරුවන් සහ විශ්වාසනීය යාන්ත්‍රික/ගරාජ් හවුල්කරුවන් ඒකාබද්ධ වේදිකාවකට සම්බන්ධ කිරීම සිදු කෙරේ. හදිසි කාර් බිඳවැටීමක්, මෝටර් රථ නඩත්තුව, මෝටර් රථ පරීක්ෂාව සහ කාර් ස්පා වැනි ඕනෑම මෝටර් රථ ආරක්ෂණ අවශ්‍යතා සඳහා හොඳම මෝටර් රථ කාර්මික ශිල්පීන් සොයා ගත හැකි මෝටර් රථ හිමිකරුවන් සඳහා විශ්වාසදායක වේදීකාවක් ගොඩනැගීම, කාලය හා ශක්තිය පහසුවෙන් අඩු කර ගනිමින් මෝටර් රථ අමතර කොටස් සෙවීම සහ මිලදී ගැනීම සඳහා විශේෂඥ ඊ-වාණිජ්‍ය වෙබ් අඩවියක්ද ඩිජිටල් වේදිකාවට ඇතුළත් වේ.

සේවා කාණ්ඩ කිහිපයක් යටතේ සිය සේවාවන් දීප ව්‍යාප්ත කර තිබේ. අදාළ සේවා ලබා දීමේ පහසුව වෙනුවෙන් යාන්ත්‍රික හෝ වාහන කාර්මික හවුල්කරුවන්ගේ ජාලයට ක්ෂණිකව සේවය ලබා දීම, සරල කාර් සේදීමක්, සංකීර්ණ එන්ජින් අලු‍ත්වැඩියාවක්, සාමාන්‍ය මෝටර් රථ නඩත්තුවක් හෝ බිඳවැටීමක්, මෝටර් රථ සේවා වේදිකාව තුළ මෝටර් රථ බිඳවැටීම, මෝටර් රථ නඩත්තු කිරීම, කාර් ස්පා සහ මෝටර් රථ පරීක්ෂාව ලෙස මෙය වර්ගීකරණය කර ඇත.

සිය මෝටර් රථය හදිසි බිඳවැටීමකදී මෝටර් රථ හිමිකරුට මෝටර් රථය හඳුනා ගැනීමට, ඉක්මනින් සේවා කටයුතු ආරම්භ කිරීමට හෝ මෝටර් රථය ඇදගෙන යාමට කාර්මික සේවාව ලබා දීම සිදු කරනු ලැබේ. මෝටර් රථ නඩත්තු කිරීමේ සේවාව යටතේ මෝටර් රථය හොඳ තත්ත්වයේ පවතින බව සහතික කිරීම සහ පිරිවැය අවම කිරීම සඳහා නිතිපතා නඩත්තු කිරීම ඉතා වැදගත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment