මෝදිගේ උළෙලේ මන්ත්‍රී දිවුරුම් දෙද්දී සිටි සත්වයා සමාජ මාධ්‍ය කළඹයි

730

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉකුත් ජුනි 10 දින දිවුරුම් දීමේ උත්සවයේ පෙනී සිටි, අද්භූත සත්ත්වයකු සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වීම විශේෂ අවධානයට ලක්වූ කරුණක් බවට පත්ව ඇත.

භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දූර්ගා දාස් දිව්රුම් දීමෙන් පසු ඔහු ජනාධිපති ද්‍රෞපදි මුර්මුට ආචාර කරන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දියාවේ අලුතින් තේරී පත් වූ මහජන නියෝජිතයන් රැසක් වාඩිවී සිටින ස්ථානයට මඳක් ඉහළින් රතු කාපට් අතුරා ඇති පියගැටපෙළක් මත මෙම සත්ත්වයා රාෂ්ට්‍රපතිභවනේ ගමන් කරනු දැක ගැනීමට ලැබී තිබේ.

එම සත්ත්වයා දිවියකු බවට ඇතැම් සමාජ මාධ්‍යවල මත පළවෙමින් තිබියදී, මේ සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන්හි ආරක්ෂක අංශය විසින් එම සත්ත්වයා ගැන නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වී ඇත්තේ, එම සත්ත්වයා සැබැවින්ම රාෂ්ට්‍රපතිභවන්හි බළලකු බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු නිල වශයෙන් තහවුරු වී නැත. මේ අතර සමහරු මෙම දර්ශන මායා රූපයක් විය හැකි බවට ද කියාපෑමට උත්සාහයක් ද ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment