මෝදිගේ යහපාලන ඇස ජම්මු කාශ්මීරය වෙත

343


දශක ගණනාවක් පුරා ගැටුම් පැවති ජම්මු සහ කාශ්මීර ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට ඉන්දී රජය පියවර ගැනීම ඉතා වැදගත් තීරණයක් යැයි එරට මධ්‍යම රජයේ ඇමැති ජිතේන්ද‍්‍ර සිංහ මහතා පවසයි.ඒ සඳහා හැකියාව උදාවූයේ සරල ගතිගුණ වලින් යුත් පොදු ජනතාවගේ නායයකයකු බවට පත්ව සිටින ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතා නිසා යැයිද ඒ මහතා සඳහන් කරයි.යහපාලන රජයක ලක්ෂණය වන්නේ රටේ සෑම ප‍්‍රදේශයකම ජන ජීවිතය නගා සිටුවීම සහ සංවර්ධනය යැයිද එය වත්මන් ඉන්දීය අගමැතිවරයාගේ ප‍්‍රමුඛතම කාර්යයක් වී ඇතැයිද ජිතේන්ද‍්‍ර සිංහ මහතා පවසයි.හෙතෙම මේ බැව් පැවසවේ එම ප‍්‍රදේශයේ කළ සංචාරයක් අතර මාධ්‍ය අමතමිනි.ප‍්‍රදේශයේ ජනතාවට අවශ්‍ය විදුලිය,වැසිකිලි පහසුකම් සහ ඔක්සිජන් සඳහා ගහකොළ වැවීම කෙරෙහි වැඩි අවධානමක් යොමුකර ඇතැයිද රජයේ සංවර්ධන වැඩසටහනේ ද මෙම ප‍්‍රදේශය ගැන වැඩි අවධානයක් යොමුකර ඇතැයිද මධ්‍යම රජයේ නිවාස ඇමැති අමිත් ෂාහ් මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජම්මු කාශ්මීර ජනතාව අමතමින් සඳහන් කළේය.එය වත්මන් ඉන්දීය රජයේ යහපාලනයේ ඇති විශේෂ ලක්ෂණයක් යැයිද හෙතෙම පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment