මෝදිගේ යෝජනාවකට අනුව නම් කළ ජගත් මෙනේරි වසර

172

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වෙත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කළ යෝජනාවකට අනුව 2023වසර ජාත්‍යන්තර මෙනේරි වසර ලෙස නම් කර ඇත.ඉන්දීය අගමැතිවරයා 2021 වසරේ දී කළ මෙම යෝජනාව සදහා රටවල් 72ක් සහාය පළ කර තිබේ. ඒ අනුව ඉන්දියාව මෙම වසරේ දී මෙනේරි ගොවීන් සඳහා සහ ව්‍යවසායකයින් සදහා වැඩි අවධානයක් යොමු කරන බව ඉන්දීය අගමැතිවරයා පවසයි. මිනිසුන්ගේ යෝග ව්‍යායාම සහ ශාරීරික සුවතාවය තම ජීවිතයේ කොටසක් කරගෙනය ඇති ආකාරයට සමානව ඉන්දීය ජනතාව මහා පරිමාණයෙන් මෙනේරි භාවිතා කරන බව ඉන්දීය අගමැතිවරයා ගුවන් විදුලි වැඩසටහනකට සහභාගී වෙමින් සදහන් කළේය. එය ඔවුන්ගේ ආහාර වේලේ කොටසක් බවට පත්කරගෙන ඇතැයි ද කීවේය. ඒ අනුව සම්ප්‍රදායික ලෙස මෙනේරි නිෂ්පාදනය කරන ගොවි ජනතාවට දැඩි උනන්දුවක් ඇති බව ද සදහන් කළේය. එම වැඩසටහනේදී අගමැතිවරයා වැඩිකාලයක් ගනු ලැබුවේ මෙනේරි වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය ගැන පැවසීමටයි.

advertistmentadvertistment
advertistmentadvertistment