මෝදි සමග 13 ගැන සාකච්ඡුාවට සම්බන්ධන් ඇතුළු ටීඑන්ඒ පිරිසක් ඉන්දියාවට

116

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ‍්‍රී මෝදි මහතා සමග ශ‍්‍රී ලංකාවේ 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත‍්‍රීවරයා සමග තවත් පිරිසක් ලබන සතියේදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසුවේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරුන් සමග සාකච්ඡුා කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය මේ තීරණය ගත් බවයි.

මේ ඉන්දීය සංචාරයේදී දෙමළ වැසියන්ගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් විස`දා ගැනීමට නොහැකි වූ බොහෝ ප‍්‍රශ්න ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡුා කොට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබ`දව සාකච්ඡුා කරන බවද සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙහිදී 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බලාත්මක කොට ඒ ඔස්සේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳවද ජිනීවා මානව හිමිකම් කමිටුවේදී ගන්නා ලද තීරණ ශ‍්‍රී ලංකා රජය විසින් නොසලකා සිටීම පිළිබඳවද ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ඡුා කොට ඒ ඔස්සේ ශ‍්‍රී ලංකා රජයට යම් බලපෑමක් එල්ල කිරීමට වටපිටාව සකසන බවද අඩෙයිකලනාදන් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ නායකයා සමග මෙම ඉන්දීය සංචාරයට සෙල්වම් අඩෙයිකලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මන්ත‍්‍රීවරුන්ද සහභාගි වීමට නියමිතය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment