මෝන්සූන් කුසලාන ගොල්ෆ්  තරගාවලිය මේ මස 30 වැනිදා සිට…

112

2022 මෝන්සූන් කුසලාන කාන්තා සහ පිරිමි ගොල්ෆ් තරගාවලිය මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 02 වැනිදා දක්වා ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සහ HUAWE පුද්ගලික සමාගම මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහක ශක්තිය එකතුකොට තිබේ.

තරගාවලිය සඳහා ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත අතර විදෙස් ක්‍රීඩකයන්ද මෙවර තරගාවලියට සහභාගි වීමට නියමිතව තිබේ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලිය වර්තමානයේ රට තුළ පසුබෑමකට ලක්ව ඇති ගොල්ෆ් ක්‍රීඩාව යළි ස්ථාපිත කිරීමේ උදාර සංකල්පය යටතේ ක්‍රියාත්මක වේ.

ඊගල්ස් මෝන්සූන් කුසලානයට අමතරව තරගකරුවන් පිළිවෙළින් ත්‍රිවිධ හමුදාවේ දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන ඊගල්ස් මොන්සූන් ආරක්ෂක අභියෝග කුසලාන සඳහා ද තරග වැදීමට නියමිතව තිබේ.

කසුන් රණවීර

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment