මෝල්ඩෝවා රජය රුසියානු නිලධාරීන් 45 දෙනකු නෙරපයි

274

යුක්‍රේනයට නිරිතදිගින් පිහිටි මෝල්ඩෝවා රාජ්‍යය රුසියානු ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා සිය රට තුළ ඡන්ද මධ්‍යස්ථාන ආරම්භ කළ රුසියානු තානාපති නිලධාරින් හා තානාපති කාර්ය මණ්ඩල සාමාජිකයන් 45 දෙනකු රටින් නෙරපීමට පියවර ගෙන තිබේ. අදාළ පිරිස රටින් නෙරපීමට මෝල්ඩෝවා රාජ්‍යය පියවර ගෙන ඇත්තේ ඔවුන් විසින් එරටින් කැඩී ගොස් ඇති ‘ට්‍රාන්ස්නිස්ට්‍රියා’ කලාපයේ ඡන්ද මධ්‍යස්ථාන ආරම්භ කිරීම හේතුවෙනි. මෙම පිරිස නෙරපීම සිදු කර ඇත්තේ මෝල්ඩෝවා රාජ්‍යයේ සිටින රුසියානු තානාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ට්‍රාන්ස්නිස්ටි්‍රයා කලාපය මෝල්ඩෝවා රාජ්‍යයෙන් කැඩී ගිය රුසියාවට ගැති කලාපයක් වුවද එහි රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන ඇරඹීම සිය රටේ ස්වෛරීත්වයට හානිකර බව මෝල්ඩෝවා රජය ඉකුත් සතියේදී පවසා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment