මෝල් මිලත් පසුකර හාල් මිල නැගලා

487

සහල් සඳහා පනවා තිබූ පාලන මිල රජය විසින් ඉවත් කිරීමෙන් පසු සහල් ව්‍යාපාරිකයන් විසින් පැනවූ මිල අභිබවමින් මේ වනවිට සහල් අලෙවි කරන බව තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ එකමුතු වෙළෙඳ සංගමයේ ප‍්‍රකාශකයකු කියා සිටියේය.

දැනට දින 20කට පෙර ප‍්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන් විසින් සහල් කිලෝවක් සඳහා නිකුත් කළ මිලට වඩා රුපියල් 15, 30, 20 ක් වැඩියෙන් සහල් අලෙවි කරන බවද එම සංගමයේ ප‍්‍රකාශකයා පැවසීය.

නාඩු, කීරි සම්බා, සම්බා සහල් කිලෝවක් රුපියල් 110ක්, 160ක්, 130ක් ලෙස මිල නියම තවත් මේ වනවිට එම සහල් කිලෝවක් අලෙවි කරන්නේ පිළිවෙලින් රුපියල් 125ක්, 190ක් හා 150ක් වැනි මිලකට බවත් සිල්ලර ව්‍යාපාරිකයන්ගේ එකමුතු වෙළෙඳ සංගමයේ ප‍්‍රකාශකයා සඳහන් කළේය. ඉදිරියේදී මේ මිල ඉහළ යෑම නතර කිරීමට රජය මැදිහත් විය යුතු යැයි තම සංගමය යෝජනා කරන බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment