මෝල් හිමියෝ ගොවීන්ගේ නිවෙස්වලටම ගොස් වී මිලදී ගැනීම අරඹති

109

රජය මගින් සහල් මිල සඳහා පනවා තිබූ ගැසට් නිවේදනය ඉවත් කිරීමත් සමග පොළොන්නරුවේ ප‍්‍රධාන සහල් මෝල් ව්‍යාපාරිකයන් ගොවීන්ගෙන් වැඩි මිලට වී මිලදී ගැනීම ආරම්භ කර තිබේ.

මෙම මහා පරිමාණ සහල් මෝල් හිමියෝ ගොවීන් සතුව තිබෙන වී ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් මිලදී ගැනීම සිදු කරති. ඒ අනුව ඔවුහු නාඩු වී කිලෝවක් රුපියල් 63ක්, සම්බා වී කිලෝවක් රුපියල් 70ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 90ක් වැනි මිලකට මිලදී ගනිති.

ප‍්‍රභාත් විතාන, රොෂාන් තුෂාර – අරලගංවිල
 

advertistmentadvertistment
advertistmentadvertistment