මෝහනයෙන් බිය ඉවත්කිරීම

2372

ප‍්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු වන කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මහතා ඕරාව හා විශ්වශක්ති ප‍්‍රතිකාර ගැන සුවිශේෂී අත්දැකීම් ඇත්තෙකි. ආධ්‍යාත්මික උපදේශක වරයෙක්ද වන ඔහු ස්වාභාවික විශ්වශක්ති ප‍්‍රතිකාර කරයි. නවීනතම ත‍්‍රිමාණ ඕරා ස්කෑනර් යන්ත‍්‍ර ඔහු සතුව ඇති අතර රේකී මාස්ටර් කෙනෙක් හා ප‍්‍රානික් හීලර් කෙනෙක් හැටියටද සුප‍්‍රකට මෝහනවේදියකු ලෙසද සහතික ලබා ඇත.

බිය යනු සිතෙහි හටගන්නා ඉතාමත් ගැටලූ සහගත මානසික රෝගී තත්ත්වයකි. මේවා පෝබියා (phobia) ලෙස හඳුන්වයි. යමෙකු තදබල ලෙස බියකට පත්වීමෙන් දිගුකාලීන මානසික පීඩාවක් බවට පත්විය හැක. ගම්බද පළාත්වල ගැහැනු ළමුන්ට කළුකුමාරයා වැහුනා යයි කියන්නේ ද මෙවැනිම බියවීමකි. සමහරුන් මේ ආකාරයට අමනුෂ්‍යයන්ට බියවේ. මේවා කලක් යනතුරු මානසිකව හා ශාරීරිකව බලපාන ප‍්‍රශ්න බවට පත්වේ. සමහරුන් මිනිසුන් විසින් කරන බියගැන්වීම්වලට ලක්වී මෙවැනි තත්ත්වයන්ට පත්වේ. මෙසේ වූවිට ඔවුන්ට ඒ ගැන දැඩි මානසික පීඩනයක් ඇතිවේ. සමහරුන් කුඩා අවදියේදී නොයෙකුත් අතවරයන්ට ලක්වීමෙන්ද මෙවැනි බිය ඇති කරවයි. කුඩා කල පියා විසින් තම මවට පහරදෙන ආකාරය දකින දියණිය පිරිමින් පිළිබඳ බියක් ඇතිකර ගනී. මේ නිසා ඇයට පිරිමියෙක් දකිනවිට පවා බියක් ඇතිවේ. මේ නිසා ඇය විවාහයට පවා බිය ඇති විය හැක. සමහරුන්ට සිතේ ඇති වූ බියක් නිසා එය දිගටම බලපාන්නට පුළුවන. අතවරයන්ට ලක්වූ දරුවන් මෙවැනි බියකින් පෙළේ. එක්තරා තරුණ දියණියක් පිරිමින් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කළාය. බස් එකේ යනවිට පවා වෙනත් පිරිමියකු ළඟින් වාඩිවුණොත් ඇය නැගිටියි. පාසලේදී පවා පිරිමි ළමුන්ව ඇයට අප‍්‍රිය විය. මේකට හේතුව ඇගේ මවට පවා

ගැටලූවක් වූ අතර වරක් ඇයව මෝහනයට ලක්කළ විට ඇය විසින්ම කිව්වේ කුඩා කල ඇගේ සීයා කෙනෙක් විසින් ඇයට බාහිර ලිංගික අතවරයක් කර මේක කාටවත් කීවොත් මරනවා යැයි තර්ජනයක් කර ඇති බවකි. මේ නිසා ඇය දැඩි බියකින් පසුවිය. ඇය සිතන්නට ඇත්තේ සියලූම පිරිමින් එසේ විය හැක කියාය.


මේ ආකාරයෙන් නොයෙකුත් බියවීම් විවිධ අවස්ථාවල ඇති කරවයි. ඒවා අපේ යටිසිතේ තදින් තැන්පත්වීම මෙසේ බිය ඇතිවීම මානසික රෝගයක් දක්වා වර්ධනය විය හැකි තත්ත්වයකි. සමහරු ගින්දරට බයයි. සමහරු වතුරට බයයි. සමහරු ලේ දකින්න බයයි. මේ ආකාරයේ බය නම් සාමාන්‍යයි. නමුත් ඕනෑවට වඩා වැඩි නම් ඊටද හේතුව කලකට ඉහත ඇතිවූ යම් බියක් සිතේ තන්පත්වීමක් විය හැක. කුඩා කල ජලපහරකට අසු වූ දරුවකු ඉන්පසුව වතුරක් දකිනවිට පවා බිය විය හැක. ඉන්පසුව කුඩා ඇළකින්වත් බැස ගොඩ එන්නට බියවේ. නමුත් මෙය ඒ දරුවාගේ ඉදිරිගමනට බාධාවක් විය හැක. බොහෝ බිය ඇතිවන්නේ කුඩා අවදියේ වීමද විශේෂයකි. ඊට හේතුව වියපත්වීමේදී දැනෙන බිය අඩුවීමයි. නමුත් කුඩා අවදියේ ඇතිවන බියක් වැඩිහිටි අවදියේත් පැවතිය හැක. භීතිය නොනැසී පවතී (phobia persistent) යනු එක් මනෝ විද්‍යාත්මක කියමනකි. ඒනිසා බිය සිතෙහි පැවතීම මානසික රෝගයක් වන අතර කළ යුතු හොඳම කාර්යය වන්නේ ඒ බිය ඉවත් කිරීමයි.

මෝහනයෙන් බිය ඉවත්කිරීම

මෝහනවේදීන් මේ සඳහා විශේෂ ක‍්‍රම භාවිතා කරයි. පළමුව අදාළ පුද්ගලයා මෝහන නිද්‍රාවකට පත්කර අදාළ කාරණය සොයාගත යුතුය. මේ සඳහා ඔහු හෝ ඇය බියට පත්වූ සිද්ධිය දක්වා යාමට සිදුවෙයි. රෝගයකදී රෝග නිදානය සොයාගත යුතුවා සේම මෙ ආකාරයේ මෝහන ප‍්‍රතිකාරවලදී එහි මූලය සොයා යා යුතුය. තමා බිය වූයේ කුමකට ද යන්න සොයා ගත යුතුමය. එසේ සොයා ගොස් බිය තුනී වන ආකාරයේ යෝජනා ඇතුල් කිරීම, එය එතරම්ම බිය විය යුතු කාරණයක් නොවන බවට ඒත්තු ගැන්වීම කළ හැක. එසේත් නැත්නම් සුබවාදී යෝජනාවක් මගින් ඒ බිය යටපත් කිරීම කළ හැක. කුමක් වුවත් මේ අවස්ථාවේදී යටිසිතට කතාකිරීමක් සිදුවේ. යටිසිතට ලබාදෙන යෝජනා යටිසිතේ ඉතාමත් ගැඹුරින් තැන්පත් වේ. සමහරවිට කලින් පැවති සිතුවිල්ල යටපත් කිරීමේ හැකියාව මේ අලූත් සිතුවිල්ලට ඇති විය හැක.

අපේ යම් යම් සිතිවිලි සිතේ ගැඹුරින් තැන්පත්වේ. මේ සිතිවිලි වරින් වර හෝ නිතර නිතර ඉස්මතුවේ. මේවා බියකරු සිතුවිලි නම් එයින් පුද්ගලයා බියට පත්වේ. බිය යනු ප‍්‍රබල පීඩාවකි. මෙය මානසික රෝගයක් බවට පත්වේ. කෙනෙකුගේ යටිසිතේ පවත්නා බිය ඒ යටිසිතටම ගොස් එය අවදි කර යහපත් යෝජනා හා සිතිවිලිවලින් සුවපත් කිරීම මෝහනවේදයේ බිය තුරන්කිරීමේ ප‍්‍රතිකාර ක‍්‍රමයයි.

නොමිලේ විස්තර සඳහා – 0712510602

advertistmentadvertistment
advertistmentadvertistment