යකඩ පොල්ලකින් ගසා දෙදරු පියා ඝාතනය කළ පුද්ගලයාට වසර 14ක සිරදඬුවම්

141

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් කතරගම නාගහවීදියේදී පුද්ගලයකුට යකඩ පොල්ලකින් ගසා ඝාතනය කිරීමේ වරදකට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 10,000ක දඩයක් හා රුපියල් ලක්ෂ 02ක වන්දියක් හම්බන්තොට මහාධිකරණය (27 දා) නියම කෙරිණි.

මෙලෙස සිර දඬුවම් දඩ හා වන්දි නියම වුයේ කතරගම නාගහවිදිය පදිංචි කහඳගමගේ විජේපාල නමැති 59 හැවිරිදි දෙදරු පියෙකි. චුදිත මරණකරු සමග පැවති පෞද්ගලික ආරවුලක් හේතුවෙන් 1995.06.20 දින මරණකරු මළගෙදරකට සහභාගී වීමට පාපැදියකින් ගමන් කරමින් සිටියදී චුදිත කතරගම නාගහවිදියේ දී මාර්ගයක සැඟවී සිට යකඩ පොල්ලකින් පහරදී පළාගොස් තිබේ. චූදිත විසින් සිදුකළ පහරදීම හේතුවෙන් කතරගම නාගහවීදියේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකු වූ අබේසිරි මුදියන්සේලාගේ සුනිල් නැමති අය මෙලෙස මරණයට පත්ව තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් චුදිත කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව 2006.03.17 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු චුදිත සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදට වරදකරු බවට ඔප්පු විය. ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිතට පහත පරිදි දඬුවම් නියම කෙරිණි. අදාළ චෝදනාව සඳහා චූදිතට වසර 14ක බරපතළ වැඩ සහිත දඬුවමක් නියම කෙරිණි. ඊට අමතරව රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරුණු අතර දඩ නොගෙවන්නේ නම් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි. ඊට අමතරව අගතියටපත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසටද චූදිතට නියම කෙරුණ අතර චූදිත වන්දි නොගෙවන්නේ නම් ඉහත දඬුවම්වලට අමතරව තවත් වසර 03ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ දේවසුරේද්‍ර මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.

මත්තල – දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment