යකඩ මිල ‘හිටු’ කියා නගී ඉදිකිරීම් ක්ෂේත‍්‍රය අනාථයි – මේක මාෆියාවක්

952

* කුඩා කර්මාන්තකරුවෝ කියති

ඉදිකිරීම් සහ කර්මාන්ත සඳහා යොදා ගන්නා යකඩවල මිල දවසින් දවස ඉහළ දමමින් අධික මිල ගණන්වලට අලෙවි කරන තතත්වයක් රටේ පවතින බව ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පිරිස් කියති.

කොළඹ ආමර්වීදිය (ගල්වල) කේන්ද්‍ර කරගනිමින් මෙම යකඩ රටට බෙදාහරින වෙළෙඳ ආයතන පිහිටා ඇත. කොරෝනා වසංගතයට පෙර ලංකා මුදලින් රුපියල් 17000කට අලෙවි කළ යකඩ සීට් එකක මිල අද වන විට රුපියල් 50000 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ව්‍යාපාරිකයන් කරන මාෆියාවක් බවත් කුඩා කර්මාන්තකරුවෝ පවසති. මෙම යකඩ ඉංදියාව, පකිස්තානය හා තවත් රටවල් කිහිපයකින් මෙරටට ආනයනය කෙරේ. මේවන විට ආනයනය යම් තරමකට සීමාවී ඇත. එය ප‍්‍රයෝජනයට ගනිමින් මෙම වෙළෙඳ ව්‍යාපාරිකයින් සියයට පන්සියයකට වඩා අධික ලාභයක් ලබමින් මෙම යකඩ මිල ඉහළ දමා ඇති බව කුඩා කර්මාන්තකරුවෝ කියති. මේහේතුවෙන් කුඩා කර්මාන්ත විශාල සංඛ්‍යාවක් මේවන විටත් වැසී ගොස් අවසන් බවත් දවසින් දවස ඉහළ දමන යකඩ මිල පාලනය කිරීම සඳහා රජය මෙතෙක් කිසිදු වැඩපිළිවලක් ගෙන නොමැති බවත් කුඩා කර්මාන්තකරුවෝ කියති. මේපිළිබඳව ඉතා කඩිනමින් රජය මැදිහත් විය යුතු බවද ඔවූහු කියති.

නිශ්ශංක සංජීව- ඌරගහ

advertistmentadvertistment
advertistmentadvertistment