යකඩ යකාට ගණන් උස්සන්න කැබිනට් අනුමැතිය

115

මගී ප්‍රවාහනයට මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට ද අදාළ වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් පාඩු ලබන තත්ත්වයට පත්වීම නිසා යහපත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යෑම පිණිස දුම්රිය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇත.

මගී ප්‍රවාහනය සඳහා වන දුම්රිය ගාස්තු වසර පහක් පුරා සංශෝධනයකට ලක්වී නොමැති අතර භාණ්ඩ සහ තැපැල් ප්‍රවාහන දුම්රිය ගාස්තු වසර 14ක් තිස්සේ සංශෝධනයකට ලක්ව තිබී නැත.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සඳහා ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment