යකඩ යකා එක්ක හැප්පෙන බුකියෙන් බැණුම් අහපු යකඩ කෙල්ල මෙන්න

618

රටේ බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් ඡායාරූප පෙළක් පසුගිය දිනවල මෙරට සමාජ මාධ්‍ය ජාල තුළ පළ විය. දුම්රිය අසුනක් මතට නැගගත් හැඩකාර පුංචි කෙල්ලක් එම දුම්රියේ විදුලි පංකාවක් අලුත්වැඩියා කරන ඡායාරූපයක් ඇතුළු තවත් ඡායාරූප කීපයක් එහි විය. එය දුටු බොහෝ දෙනකු පවසා සිටියේ බාල ජනප්‍රියත්වයක් අපේක්ෂාවෙන් කිසියම් තරුණියක් විසින් එම ඡායාරූප පෙළ අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් රජයේ දේපළක් වූ දුම්රියක් මත තරුණියක් එලෙස ඡායාරූප පෙළකට පෙනී සිටීම නොහොබිනා ක්‍රියාවක් වන බවත්ය.

යකඩ යකා එක්ක හැප්පෙන බුකියෙන් බැණුම් අහපු යකඩ කෙල්ල මෙන්න

ඇත්තටම එය කැමරාවක් ඉදිරියේ කරන ලද රඟපෑමක් පමණක්ද? එසේත් නැත්නම් එම ඡායාරූප පෙළ පසුපස ඔබ අප නොදත් කතාවක් පවතීද?. ඒ පිළිබඳ සොයා බැලීම පිණිස පසුගිය දිනක අප එම ඡායාරූප කීපය සඳහා පෙනී සිටි තරුණිය සමඟ කතාබහකට එක් විය. තවමත් විසි එක් හැවිරිදි ඇය නමින් සිතුමි රුද්‍රිගු ය. ගම්පහ ඔරුතොට පදිංචි ඇය තමා පෙනී සිටි ඡායාරූප පෙළ සහ එම ඡායාරූප පෙළ සහ ඇය අතර පවතින පසුබිම් කතාව පිළිබඳව අපත් සමග මෙලෙස අදහස් පැවසුවාය.

ඒ ඡායාරූපය social media වල ගියාට පස්සේ හුඟ දෙනෙක් කියලා තිබුණ කොහෙද යන කෙල්ලෙක් කෝච්චි සීටි එකක් උඩ නැගල photo shoot එකක් කරල කියලා. ඒ අය වාඩිවෙල යන කෝච්චි සීට් පාගන්න එයාට අවසර ලැබුණේ කොහොමද කියලත් ඇතැම් අය ප්‍රශ්න කරල තිබුණා. ඒ අයගේ නොදැනුවත්භාවය හින්දා එහෙම කියන්න ඇති. ඇත්තටම එම ඡායාරූපය ගත්තේ මගේ පුහුණු පාඨමාලාවේ අවසන් අදියරේ සිහිවටනයක් විදිහටයි. ඒක වෙනත් කෙනෙක් විසින් සමාජ මාධ්‍ය ජාලයට යොමු කිරීමත් එක්ක තමයි හුඟ දෙනෙක් මේ ගැන කතා කරන්න ගත්තේ.”

යකඩ යකා එක්ක හැප්පෙන බුකියෙන් බැණුම් අහපු යකඩ කෙල්ල මෙන්න
යකඩ යකා එක්ක හැප්පෙන බුකියෙන් බැණුම් අහපු යකඩ කෙල්ල මෙන්න

අප තුළ යම් කුතුහලයක් ඉතුරු කරමින් සිතුමි එසේ පැවසීමත් සමඟ එම හැඩකාර පුංචි කෙල්ල සහ ‘යකඩ යකා. යනුවෙන් බොහෝ දෙනෙක් හඳුන්වන දුම්රිය අතර පවතින සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳ අප විසින් සිදු කළ විමසීමේදී එම කතාවේ මුල මැද අග පිළිවෙළින් මෙසේ ගළපන්නට විය.

මම මූලික අධ්‍යාපනය ලැබුවේ ගම්පහ ගෝතමී ප්‍රාථමිකයේ. ඊට පස්සේ ගනේමුල්ල ගලහිටියාව ජාතික පාසලට ඇතුළත් වෙලා වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ අවුරුද්දක් විතර කලා අංශයේ අධ්‍යාපනය ලබද්දී මම තීරණය කළා උසස් පෙළ නොලියා වෙනත් පැත්තකින් ඉස්සරහට යන්න ඕන කියල. එහෙම ටික දවසක් ඉන්නකොට තමයි දවසක් මගේ මාමා අයැදුම්පත්‍රයක් ගෙනත් අම්මට දීලා කිව්වේ දුවට හොඳ කෝස් එකක් තියෙනවා එයාට කියල මේ අයැදුම්පත්‍රය පුරවා දෙන්න කියල.

යකඩ යකා එක්ක හැප්පෙන බුකියෙන් බැණුම් අහපු යකඩ කෙල්ල මෙන්න

අයැදුම්පත අතට ගත්ත වෙලාවෙම මං අම්මට කිව්වා මට මේකට යන්න බැහැ කියලා. ශ්‍රී ලංකා ජර්මන් රේල්වේ ටෙක්නිකල් ටේ්‍රනින් සෙන්ටර් එකේ course එකක් හින්දයි මං ඒකට අකමැති වුණේ. අන්තිමේ මම ඒක පුරවල දුන්න. මාසෙකට විතර පස්සේ රත්මලානේ පිහිටි ටේ්‍රනින් සෙන්ටර් එකේ විභාගයක් තියලා මාව පුහුණුවට තෝරා ගත්ත.

2019 අවුරුද්දේ තමයි මුලින්ම පාඨමාලාව හදාරන්න යන්නේ. එතකොට මට වයස අවුරුදු දහ අටයි. පාඨමාලාව හදාරන්න විසි එක් දෙනෙක්ව තෝරාගෙන තිබුණා. ගෑනු ළමයකුට හිටියේ මම විතරයි. මාස තුනේ මූලික පුහුණු අතරතුරේදි අපිට යකඩ කුට්ටිය කුට්ටිය දීලා කිව්ව ඒ යකඩ කුට්ටියෙන් සී ක්ලෑම්ප් එක ගාණේ හදන්න කියලා. පළවෙනි දවසෙ යකඩ කුට්ටිය පීරි ගෑවා. හවස් වෙනකොට අත් දෙක උස්ස ගන්න බෑ කකියනවා. එදා මං ගෙදර ගිහින් හොඳටම ඇඬුවා. මාමාටත් බැන්න. මට ඒ කෝස් එක කරන්න බෑ කියලා. තාත්ත මුකුත් කිව්වේ නෑ. අම්මා කිව්ව මගේ මාමත් 2003 අවුරුද්දේ ඔය කෝස් එක කරල තමයි දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේම රැකියාවක් කරන්නේ ඔයත් කොහොම හරි කරගන්න කියල”

ඒ ඉල්ලීම මත තමයි මම මෙච්චර දුරක් ආවේ. මගේ යාළුවෝ ඒ වගේම හඳුනන අය කිව්වා ගැහැණු ළමයකුට හරියන පාඨමාලාවක් නොවෙයි ඔයා තෝරගෙන තියෙන්නෙ” පිරිමි ළමයි එක්ක හරි හරියට වැඩ කරන්නේ කොහොමද කියලා. මටත් එහෙම හිතුන වාර අනන්තයි. නමුත් ටික දවසක් යද්දී ඉබේම වගේ මං ඒකට හුරු වුණා. දැන් පුහුණුවට ඇවිත් අවුරුදු තුනක් වෙනවා. තව මාස හයකින් පුහුණු කාලය අවසන් වෙනව.

යකඩ යකා එක්ක හැප්පෙන බුකියෙන් බැණුම් අහපු යකඩ කෙල්ල මෙන්න
යකඩ යකා එක්ක හැප්පෙන බුකියෙන් බැණුම් අහපු යකඩ කෙල්ල මෙන්න

මම දෙමටගොඩ කර්මාන්තශාලාවේ වැඩ කරල තියෙනවා. ඊට අමතරව මරදාන වර්ක්ෂොප් 37 ඇතුළේ පුහුණුවීම් ලැබුවා. දැන් මම පුහුණුවීම් කරන්නේ රත්මලාන workshop අංක 27 කියන ස්ථානයේ. දෙමටගොඩ කර්මාන්තශාලාවේ වැඩ කර කර ඉන්න අතර ගත්තු ෆොටෝ එකක් තමයි social mediaවල ගියේ. ඒක දැකලා තමයි කෙල්ලෙක් කෝච්චි සීට් පාගනවා කියල ඇතැම් අය මට දොස් පවරලා තිබුණේ. කෙනකුට එහෙම හිතෙන එකේ වරදකුත් නෑ.මොකද ඒ ක්ෂේත්‍රයේ පුහුණුවක් සඳහා ගැහැනු ළමයෙක් යොමු වෙයි කියලා හුඟදෙනෙක් හිතන්නේ නෑ. මම දැන් සති අන්තේ මේ පුහුණුවට අමතරව electrical ඉලෙක්ට්‍රොනික් ඩිප්ලෝමාවක් පවා කරනවා. මගේ අරමුණ ඒ පැත්තෙන් උපාධියක් දක්වා ඉගෙන ගන්න එක. මේ ගමන එන්න උදව් කරපු මගේ අම්මට තාත්තට ඒ වගේම මාමට මේ වෙලාවේ ස්තුති කරන්න ඕනෑ. ඒ වගේම මගේ බැච් එකේ ඉන්න පිරිමි ළමයි මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම ටේ්‍රනින් සෙන්ටර් එකේ පුහුණු කළමනාකරු සමරදිවාකර මහත්තයා අපිව භාරව ඉන්න නාමිණී මෙන්ඩිස් මිස්” පුෂ්පකුමාර” චතුරංග” චතුර කියන අපේ උපදේශක මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මට ලොකු සහයෝගයක් දෙනව මේ ගමන යන්න. ඒ අයටත් අනේක වාරයක් ස්තුතියි.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment