යක්කුත් බයකරගෙන සල්ලිත් හම්බ කරගන්න මෙම යන්ත්‍රය පලඳින්න

199

මහාර්ෂී වූ දශබලධාරී අපේ ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද පිරිත් අතරින් රුවන් සූත්‍රය දේශනා කරන ලද්දේ යක්‍ෂ භය, රෝග භය, දුර්භික්‍ෂ භය යන භයත්‍රයන් දුරු කිරීම සඳහාය. එමෙන්ම මුළු පිරිත් සූත්‍රයන්ගේම මහානුභාව සම්පන්න ගුප්තමය මන්ත්‍ර බලයක් ඇත. එයින් මනිස් සත්ත්වයන්ට ශාන්තිය, සෙත සලසන, රෝගාබාධ නැතිකර ගැනීමට රැකී රක්‍ෂා දියුණු කර ගැනීමට, නිවසක පදිංචි වී සිටින තාක් ගෙදරට ශ්‍රියාවත්, ළදරුවන්ගේ අභිවෘද්ධියට, නිරෝගීභාවයට පිරිත් භාවිත කිරීම වැදගත් වේ.

රුවන් සූත්‍රයෙන් කළ හැකි ගුරුකම් අප්‍රමාණයි. දරුණු යකුන්ට සජ්ඣායනා කළේ නම් භෙද කම්පිතව ප්‍රකම්පිතව වෙව්ලා දුවයි. අංගුලිමාල සූත්‍රය ද තෙරුන් වහන්සේ ධීරමාන කල්හිම නම සිහිකළ පමණින්ම දරුවන් සුවයෙන් පහසුවෙන් බිහිවේ.

පශ්චාත් කාලීන භක්තිමත් භාරතීය බෞද්ධයන් විසින් ‘බුද්ධ’ යන උත්තරීතර අසමසම නාමයට පවා මුලින් ශ්‍රී ශබ්දය යොදා ඇත්තේ තිලෝගුරු බුදුන් වහන්සේ වෙනුවෙන් දැකිවිය හැකි වැදගත්ම පූජාව එය යැයි සලකාගෙනය. බුදුන් වහන්සේගේ ශරීරාවයවයන් පිළිබඳ සඳහන් කිරීමෙහිදී ‘ශ්‍රී’ ශබ්දය එයට මුලින් යෙදීම අතපසු නොවන්නකි.

ශ්‍රී මුඛය, ශ්‍රී පාදය, ශ්‍රී දළදාව, ශ්‍රී ශරීරය වැනි වදන් ඇසෙන විටම බුදුන් වහන්සේගේ ශරීරාවයවයන් බව ඉඳුරාම තේරුම්ගත හැකි ශක්තියක් බලයක් ශ්‍රී ශබ්දයෙන් ලැබී ඇත.

බුදුන් වහන්සේ විසිනුත් සිය ගුරුතන්හි තබා ගරු කරන ලද ධර්මය ශ්‍රී සද්ධර්මය නමින් හැඳින්වීමට බෞද්ධයෝ අභිරුචියක් දක්වති. බෞද්ධයන් විසින් ශ්‍රී ශබ්දයට දී ඇති උසස් තත්ත්වය එයින් පැහැදිලි වේ.

අනුරාධ පුරවරයේ පූජනීය වස්තුවක් වන ශ්‍රී මහා බෝධින් වහන්සේ ද ශ්‍රී ශබ්දයෙන් වෙසෙසා ‘ශ්රී’ මහා බෝධීන් වහන්සේ යන නමින් හඳුන්වති.

සිංහලයන් ස්වකීය මාතෘ භූමිය වන ලංකාව ද ශ්‍රී ලංකාව නමින් හඳුන්වන්නේ ද මව්බිමට දැක්විය හැකි උසස්ම ගෞරවය ශ්‍රී ශබ්දය මගින් දැක්විය හැකි නිසාය. පරම පූජ්‍යත්වයෙන් සලකනු ලබන ‘ශ්‍රී’ ශබ්දය යෙදිය යුත්තේ කෙබඳු ස්ථානයන්හිදැයි නියමයක් දක්වන භාරතීය ආචාර්යවරයෝ,

“දෙවං ගුරුං ගුරු සථානං – ක්ෂේත්‍රං ක්ෂෙත්‍රාධි දෙවතාං සිද්ධං සිද්ධාධි කාරංච – ‘ශ්‍රී’ පූර්වං සමූදීරයෙත්.”

දෙවියන්, ගුරුන් විද්‍යාස්ථානයන්, ක්ෂේත්‍රයන්, ක්ෂේත්‍රාධිපති දේවතාවන්, සිද්ධස්ථානයන්, සිද්ධස්ථානාධිපතීන් යන වස්තු ‘ශ්‍රී’ අක්‍ෂරය මුල් කොටම සඳහන් කළ යුතු බව පවසති.

භාරතීය සංස්කෘතිය අනුව දෙව් මිනිස් ප්‍රාණීන් අග්‍රෙසර වූ යම් කාන්තාවක් ඇත්නම් ඕ තොමෝ ‘ශ්‍රී’ නාමයෙන් හැඳින්වෙන්නීය. භාග්‍ය සම්පත්තිය වාසනාව ‘ශ්‍රී’ නාමයෙන් හැඳින්වූ භාරතීය පඬිවරයෝ එයට ස්ත්‍රීත්වය ආරෝපණය කරමින් ශ්‍රී කාන්තා යනුවෙන් සෞභාග්‍ය, සුඛිත, මුදිතභාවය ප්‍රකාශයට පත් කළහ. ශ්‍රී ශබ්දය සිහිකිරීමෙන්ම සියල්ලන්ගේ අභිවෘද්ධියට හේතුවන බවත්, අතිශයින් ගරු කළ යුතු පුද්ගලයකුගේ නාමයකට හෝ වස්තුවකට මුලින් ‘ශ්‍රී’ ශබ්දය යෙදීම එම පුද්ගලයාට හෝ වස්තුවකට පිරිනැමිය හැකි උසස්ම ගෞරවය, උපහාරය බවත් ඔවූහූ සැලකූහ. එනිසා මතුප් ප්‍රත්‍ය සහිතව ශ්‍රීමත් – ශ්‍රීමාන් කියා ශුද්ධ රූපයෙන්ම ද එය යොදාගත්හ.

භාරතීයන්ට ශ්‍රී ශබ්දයෙන් තොරව සම්භාවනීය වස්තුවක් හැඳින්විය නොහැකි විය. බොහෝ උසස් දෙයක් වෙසෙසීම සඳහා යොදනු ලබන ‘ශ්‍රේෂ්ඨ’ යන පදය සෑදී ඇත්තේ ද ‘ශ්‍රී’ ශබ්දය මුල්කරගෙනය. ශ්‍රී ශබ්දය සහ සංස්කෘත අතිශයාර්ථ තද්ධිත ප්‍රත්‍යයක් වන ‘ඉෂ්ට’ ප්‍රත්‍යය ද එකතුකොට ශ්‍රී එකතු කිරීම ඉෂ්ට ‘ශ්‍රේෂ්ඨ’ යැයි බද්ධව ඇත. අතිශයින් ‘ශ්‍රී’ සම්පන්න යනු ශ්‍රේෂ්ඨ ශබ්දයේ මුඛ්‍යාර්ථයයි.

‘ලක්‍ෂමි’ යන පර්යාය නාමයෙන් ද ‘ශ්‍රී’ හඳුන්වනු ලබන්නීය. කෙනකුගේ සිත හා ඇස යමක් කෙරෙහි යොමු වන ආකර්ෂණය වන ස්වභාවය ඇත්නම් ඕ ලක්‍ෂමීය ‘ශ්‍රී’ හෙවත් ලක්‍ෂමී දෙව්දුවක් දිව්‍ය මාතාවක් ලෙස භාරතීයන් විසින් පුදනු ලබන්නීය.

ධන ලක්‍ෂමි ආදී විවිධ ප්‍රභේදයන්ගෙන් මනස්කාන්ත ඉතිරි රුවකට සම වන අයුරිනුත් ලක්‍ෂමියටම සුවිශේෂ වූ අසාමාන්‍ය මංගල සම්මත භාග්‍ය සම්පන්න ලක්‍ෂණයන්ගෙනුත් ශෝභමාන වන ලෙස නිරූපණය කොට ඇති ‘ශ්‍රී’ හෙවත් ලක්‍ෂමි තරම් වෙනත් කවර නම් ස්ත්‍රී රූපයක්වත් උතුම් නොවෙයි. සෞන්දර්යයේත්, වාසනාවේත් පූජනීයත්වයේත් විශිෂ්ටතම සංඛේතය ‘ශ්‍රී’ අකුර වෙයි. ශ්‍රී ලක්‍ෂමි. ශ්‍රී විෂ්ණු, ශ්‍රී සරස්වතී, ශ්‍රී ගණේෂ, ශ්‍රී පත්තිනි, ශ්‍රී කාන්තාව වැනි දෙවි දේවතාවියන්ගේ නමට මුලින් ශ්‍රී යොදා තිබීමෙන් එම දේවතාවන්ගේ බලය ආකර්ෂණය කොතරම් දැයි කිව නොහැක.

යක්කුත් බයකරගෙන සල්ලිත් හම්බ කරගන්න මෙම යන්ත්‍රය පලඳින්න

පුරාණ දඹදිව විසූ ගුප්ත ශාස්ත්‍රඥයන් නිර්මාණය කරන ලද ‘ශ්‍රී’ යන්ත්‍රය ද ජ්‍යොතිෂමය රේඛා වලින් පමණක් සකස්කර ඇත. මෙහි අක්‍ෂර බලයක් නැති අතර අකුරු යොදා ඇත්තේ ද නැත. භාරතීයන් අදත් නිවාසවල, ගෙල පැළඳීම සඳහා ද පෙන්ඩනයක් මෙන්ද ඇඟිලිවලට දමන මුදුවලට ද මෙම ශ්‍රී යන්ත්‍රය නොහොත් මහා යන්ත්‍රය පැරණි තන්ත්‍ර යානයේ දාර්ශනික ඉගැන්වීම් කළ අය පූද පූජාදිය පැවැත්වීම සඳහා උපයෝගී කරගන්නා ඉතා දුර්ලභ ජ්‍යාමිතික සටහනින් යුක්ත අති ප්‍රබල යන්ත්‍රයකි.

මෙම යන්ත්‍රය ඇඳීමේදී තන්ත්‍ර විද්‍යාව පිළිබඳ මූලධර්මයන් තුළින් ශාන්තියට, වශීයට, ස්ථම්භන, විද්වේෂණ, උච්චාටන යන ක්‍රියා ෂඩ් කර්ම චක්‍රයට උචිත දේවතා, දිශා, ඍතු, වර්ණ, සතියේ දින හතේ ‘ශුලය’ හෙවත් වේදනාජනක තත්ත්වය ඇති දිශාවන් ඒ ඒ දිනට ‘ශුලය’ පිහිටි දිශාව දැන එයට පිටුපා ඇඳීම අවපක්‍ෂයේ තිථිවල සූර්යයා ද පුර පක්‍ෂයේ තිථිවල චන්ද්‍රයාගේ බලවත් බව, තිථි චක්‍රය අනුව චන්ද්‍ර තිථි, සූර්ය තිථි, චන්ද්‍රපල සිඬියෝග, මෘත්‍යු යෝග, යෝගිනි දිශා, ශනි චක්‍රය අනුව කාර්ය සිඬිය ඉතා ඉක්මනින් කැමැත්තෙහි නම් එය සෙනසුරාදා දිනයක ශනි චක්‍රය අනුව පස්චිම දෙසට මුහුණලා ඇඳීම තිථි ශුභාශුභ සවාමි පාලන චක්‍රය අනුව අඟල් 7” – 7”, හෝ 5” – 5” ප්‍රමාණයට තඹ පතක ඇඳ හෝ කර පැලඳීමෙන් එම නිවසට හෝ මන්දිරයට ධන සම්පත් ගලා එයි. සෞභාග්‍ය ගෙනදී දියුණුව දිනෙන් දින උදා කරයි. රජෙකු හෝ බලවතෙකු හෝ සතුරෙකු වශී වී යටතට පත්වෙයි. ගෙල පැලඳීමෙන් සර්ව ලෝක ජනයා වශී වෙයි. රාජවශියට, ස්ත්‍රී – පුරුෂ සිත් ඇදගැනීමට, නඩු දිනීමට, හිතවතුන්ගේ සිත් නමා ගැනීමට, සතුරු එඩිබිඳ දමනය කිරීමට, ශාරීරික හා මානසික රෝග දුරුවීමට, කොඩිවින නොවැදීමට, භූමි දෝෂ භංගවීමට, වෙළෙඳ ව්‍යාපාර දියුණුවට සර්ව ලෝක වශියට ශාස්ත්‍රයෙහි කියූ ලෙසින් නුවණැස යොමා තම ක්‍රියාව හරියට කිරීමෙන් මනෝරථය මුදුන් පැමිණ සියලුම කාරණා සඵල වේ.

මේ යන්ත්‍රයෙහි ඇති ත්‍රිකෝණ තුළින් තෙරුවන් බලය දෙවිවරුන්ගේ බලය, ඉර, හඳ ආදී ග්‍රහ තරුවල ආකර්ෂණය, අහස, පොළොව, ජලයෙහි ඇති ආකර්ෂණය, ජනී ජනයාගේ ආකර්ෂණ, ශබ්ද තරංග තුළින් ශ්‍රී ජයසිරි ලැබේ. මේ බලගතු ශ්‍රී අක්‍ෂරය නුවමනා ලෙස භාවිත කළොත් විනාශයට පත් වී හැඳිගෑවී භංගවෙන බවත් වස් වැදීමෙන් මරණය පවා අත්වන බවත් මන්ත්‍රවේදීය ග්‍රන්ථ තුළින් ප්‍රකාශිතයි. ආගම් භේදයකින් තොරව බෞද්ධ, හින්දු, ද්‍රවිඩ, ක්‍රිස්තියානි, මුස්ලිම් ඕනෑම අයකුට යෝග්‍යයි. තැනට නොතැනට ශ්‍රී අක්‍ෂරය මුවින් ප්‍රකාශ කිරීම යෙදීම, මාරණ තන්ත්‍රීයයි. එනිසා එයින් මිදීමට වගබලාගන්න.

පුරාණ දඹදිව විසූ මන්ත්‍රවේදීය ගුප්ත විද්‍යා ඍෂිවරු විසින් නිර්මාණය කරන ලද මෙම ජ්‍යාමිතික රේඛා සටහන් යොදා සැකසූ උසස් ශ්‍රී යන්ත්‍රය නොහොත් මහා යන්ත්‍රයෙහි වර්තමාන බුදු සමයත්, හින්දු සමයේත් මෙහි ඇතැම් ලක්‍ෂණ දක්නට ඇති අතර නවීන ස්වභාවික විද්‍යාවන්ට සමාන වන විශ්වය ගැන ඇති විවිධ සිද්ධාන්තවලට ගැළපෙන නිසා මහා බලගතු යන්ත්‍රයකි මෙම පුරාණ දඹදිව ‘ශ්‍රී’ යන්ත්‍රය.

ඉඳුවර ගෞරව සම්මානනීය ජ්‍යොතිෂ විද්‍යාජෝති
ගුප්ත විද්‍යාකීර්ති, වාස්තු විද්‍යා උපදේශක
දේශබන්දු, සාම විනිසුරු
රඹුක්කන ජිනදාස එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment