යක්‍ෂ රෝගවලට නියම බෙහෙත් 2

768

පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් විසින් එක්රැුස් කර ගැටපද විවරණය කර සංස්කරණය කෙරුණු බෙහෙත් වට්ටෝරු දහස්  ගණනකි. ඒවායින් සමහරක් පොත් වශයෙන් මුද්‍රණද්වාරයෙන් ද නිකුත් වී ඇති අතර, තවත් කොටසක් අප‍්‍රකාශිතව සුරක්‍ෂිතව පවතී.

 පූජ්‍ය ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණු බෙහෙත් වට්ටෝරු පොත් අතර වටිනාම පොත් කිහිපය අයත්ව තිබුණේ මහවලතැන්න වලව්වේ රටේ මහත්මයා වූ එස්. ඞී. මහවලතැන්න මහතාටය. මහවලතැන්නවරු රත්වත්තේ පරම්පරාවේ ආදිතමයෝ වෙති. මේ පරම්පරාව සිය නිජ භූමිය කොට ගත්තේ බළංගොඩ ප‍්‍රදේශයයි. බළංගොඩ වූ කලී අදටත් ශ‍්‍රී ලංකාවේ පිරිසිදුම ඔක්සිජන් වායුව සහිත ප‍්‍රදේශයව පවතී.

යක්‍ෂ රෝගවලට නියම බෙහෙත් 2

ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ වට්ටෝරු අතුරින් පසුගිය සතියේ මෙන් මෙම සතියේද අපේ අවධානයට ලක්වන්නේ යකුන් එලවීමට හා ඈලියා වැටීමට යොදා ගන්නා මන්ත‍්‍රයන් හා බෙහෙත් වට්ටෝරුය.

 * යක්‍ෂ විරේකය

 ලසුනු, කුරුඳු බුළු යුසයෙන් පෙරුංකායම් ලා පොවනු. ඈලියා වැටේ.

 * යක්‍ෂ ප‍්‍රලය

 මුරුවා කොල, යක්කූර කොල, යකවනසු, යක්බේරිය, යක් එරබදු, පස් පැඟිරි කොළ, ඉය කොළ, පඹුරු කොළ, මැල්ල කොළ, එරබදු, ගඳපාන, කොහොඹ කොළ, මුඩුමහණ, ගැටතුඹ,  ගුරැන්ද, කප්පරවල්ලි, කුරුඳු,  ගැටකීන මෙකී දෑ සහමුලින් ගෙන වනයක ලා කොටා යුස මැඩගෙන ඇඟ ගල්වනු. මෙම බේත් රොඩු වවුළු වසුරු මුසුව මී අඟුරෙ ලා අඳුන් දෙන්න. මෙම කොළ දියෙහි ලා කකාරා වේදු පානු. මෙම යුෂ පොවනු. යක්‍ෂ ප‍්‍රලයයි.

 හරංකහ, වදකහ, කුරුඳු පොතු, කහ, අබ යන මේවා පස්කුළුබඩු ලා කායම් පිස දෙන්න. යක්‍ෂ ප‍්‍රලයයි.

 * යක්‍ෂ විරේක

 1. එළියේ තිබු යම් ම ඈලියාවට වනකොඳ මුල්, ඉරමුසු, සස්සඳ, මීගස සාමුලයෙන් ගෙන ලූණු හා කහ එක්කර වනයේ එඬරු තෙල් ගා අත් පෝනාහුනින් බේත් ගා බඳින්න. ඈලියා වැටේ.

 2. කුරුඳු, කල්ගිය සපු, රෙරුමැඩිය මෙකී පොතු යුස ගෙන කොටා බඩ තවා හෘදයෙන් පහළ නාභියෙන් උඩ වට කර බේත් තබා බඳින්න. තද ඈලියා කැබලි වැටේ.

 3. සුඹස් දළුව නෙලා දළුක්. පළුත් එක්ව කොටා සිනිඳු කර අඹරා පිටි ලෙස ගෙන කබළු ලොකු කොට තනා මද කොට ශරීර වුව රෙද්දක් ඇඟ පිට දමා ඒ පිට බේත් තබා බඳින්න. ඈලියා පොඩි වේ.

 4. දළුක් කිරි රෙද්දක ලා පෙරා හාල්පිටි යොදා අනා එළබටු පමණ ගුලි කොට අව්වේ තබා මින් ගුලියක් පොඩි කර දොඩම් බික ඇතුළේ ලා ගිලින්ට දෙන්න. උගුර රිදෙයි නම් පොල් කැබෙල්ලක් කන්නට දෙන්න. හකුරින් හෝ කැඳින් දෙන්න. විරේකයි.

 5. ලූණුවරණ සහමුලින් ගෙන කොටා යුස මැඩ සීනටි පිටියෙන් කබළු පිස පොල්කිරෙන් හෝ එළකිරෙන් හෝ ඇතුළට කා ඉක්බිති පිට බඳිනා බේතට සස්සඳ, වනකොඳ මෙකී වැල් හා යකවනසු මීගස, ලූනුවරණ සහමුලින් ගෙන කොටා මහ උක්පැණියෙන් අනා තබා පස්පැඟිරි කොටා මදක් උණු ගන්වා බඬේ පිටතින් තෙල් ගා තවා පසුව බඳට රෙදි තුන්පටක් සිසාරා කඩක් ඇතුළට නැවූ බෙහෙත් වැත්තක් පල්ලට අතුට දළුක් කිරෙන් ඇනූ බේත් අතුරා ආතුරයා එහි හොවා බැඳ යාපත් කර බේත් බැඳ උදේ වූ පසු උක් පැණියෙන් සීනටි සාලේ පිටි අනා එඬරු තෙලෙන් කරබැව් බැඳ තුනක් තුනක් පිළිවෙලින් කන්ට දී උණුපැන් බොන්න දෙන්න. ගෙය ඇතුළේ සක්මන් කරවන්න. ඈලියා වැටේ. විරේක තද වුවහොත් උඳුපියලි යුස පොවා මද වේලාවකින් පස් කුළුබඩු චූර්ණය කිලනින් පොවන්න.

 6. ජයපාල ඇට කීපයක් රෙද්දක ලා මද හැර රොඩු ගෙන ඉඟුරු හෝ මිරිස් හෝ සහල් පිටි හෝ ලැබුණකින් අඹරා මිරිස් ඇට පමණ ගුලි කොට සෙවන වියලා ගුලියක් උණු පැනින් දෙන්න. විරේක වේ.

 7. වරා කොළ සත මත කඩපින්නේ තුන් වැත්තක් තබා උයා බඩ තබා මෙය බඳිනු. මෙම කොළ තැඹිලියෙ අතුට කැඳ වත්කොට කොල හැර කැඳ පොවන්න.

 * ඌර්ද්ධව විරේක සිටීමට

 ඌර්ද්ධව විරේක සිටීමට දිය නහවා පහත මන්ත‍්‍රයෙන් මතුරා දිය දපා පොවනු. මූණට දිය තුන් අල්ලක් ගසනු.

 * මන්ත‍්‍රය

 නමො ඉරුවාරූරුං මගෙනාපන් අවුවැරරුන් වැඩුපන් ලෙඩනත පෙරා පෙරුවීම්

 * තද විරේක සිටීමට

 කැප්පිටියා දළු, මල්, ඇට්ටඹුරා පොතු, එඬරු පොතු, මිරිකුළු පොතු, නිකදලූ, ගන්සූරිය මෙකී දෑ දොඩම් ඇඹුලෙන් සිනිඳු කර අඹරා පස් කුළුබඩු ලා එම ඇඹුලෙන් කායම් පිස ඈලියා විරේකයට පසුව උදය කායම් දෙන්න. ශේෂව තිබූ කුණු කසළ හැර බඩ ශුද්ධ වේ. දිඹුල් පොතු යුස කිලනින් දෙන්න. තද විරේක සිටී.

 * ඉදිමුම් කරප්පන්වලට

 කලිල, කෝමාරිකා, කෙසර බැවිල, නාපිරිත්ත මුල් කොළ මෙකී දෑ වන ලා කොටා අනා ඉස ගල්වා සවස ඉස සෝදා යකවනසු, මිදිකොළ දියෙහි ලා කකාරා තවන්න. ඉදිමුන් කරප්පන් නැතිවේ.

 * යක්‍ෂ ඉදිමුම්, කරප්පන් ආදියට

 ගඳපාන, කරඳ, ඉය, පස්පැඟිරි, වවුලැටිය, ලෝළු මෙකී කොළ සැලියක ලා උයා කරඳ පොතු ගලගා ඇඟ ගල්වා වේදු පානු. ඉන් ඉදිමුම් හැරේ. කරප්පනටත් යහපති.

 සංඛනාද වෙදගෙවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment