යකුන් එළවන බෙහෙත් මෙන්න

672

සංඛනාද වෙදගෙවත්ත

පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත‍්‍රය නායක හාමුදුරුවන් විසින් එක්රැස් කර ගැටපද විවරණය කර සංස්කරණය කෙරුණු බෙහෙත් වට්ටෝරු දහස් ගණනකි. ඒවායින් සමහරක් පොත් වශයෙන් මුද්‍රණද්වාරයෙන් ද නිකුත් වී ඇති අතර, තවත් කොටසක් අප‍්‍රකාශිතව සුරක්‍ෂිතව පවතී. පූජ්‍ය ආනන්ද මෛත‍්‍රය නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණු බෙහෙත් වට්ටෝරු පොත් අතර වටිනාම පොත් කිහිපය අයත්ව තිබුණේ මහවලතැන්න වලව්වේ රටේ මහත්මයා වූ එස්. ඞී. මහවලතැන්න මහතාටය. මහවලතැන්නවරු රත්වත්තේ පරම්පරාවේ ආදිතමයෝ වෙති. මේ පරම්පරාව සිය නිජ භූමිය කොට ගත්තේ බළංගොඩ ප‍්‍රදේශයයි. බළංගොඩ වූ කලී අදටත් ශ‍්‍රී ලංකාවේ පිරිසිදුම ඔක්සිජන් වායුව සහිත ප‍්‍රදේශයව පවතී.
 
 ආනන්ද මෛත‍්‍රය නාහිමියන්ගේ වට්ටෝරු අතුරින් මෙම සතියේ අපේ අවධානයට ලක්වන්නේ යකුන් එලවීමට හා ඈලියා වැටීමට යොදා ගන්නා මන්ත‍්‍රයන් හා බෙහෙත් වට්ටෝරුය.
 
 
 1. යකා නැටවීමට හා ඈලියා වැටීමට මන්ත‍්‍රය
 
 ‘‘නමො සාරබුද්ධ බොධි පලලඞක මාරුඩෙ සත්කෝටියක් පිරිවරා සිටි දල දිව්‍ය දේවතාවා ඇටපිට මස්පිට නොසැඟවි නොවැලහි මොහුට ආවේශ ආවේශ.’’ මෙයින් මතුරා තලතෙල් සත් විටක් දපා, ‘සගේග කාමේට රූපෙ ගිරි සිඛර තටෙ’’ යනාදි මේ ගාථාවෙන් පුරවා බඩ තෙල් ගා උප්පත කඩා අලවා මෙයින් මතුරනු ඈලියාව උත්තිල වැටේ.
 
 2. දාන දස යෝජන ප‍්‍රලය
 
 අබ, ලසුනු, දුම්මල යන මෙකී දෑ මී අඟුරෙන් ආතුරයන් ඇඟට දුම් ගසන්නු. දාන දස යෝජන ප‍්‍රලයයි. ඈලියාවට – ගිතෙල්, තිකුළු, ලසුනු, එඬරු තෙල් එක්ව ඇතුළට දෙනු.
 
 3. ඈලියා වැටීමට
 
 ‘‘ ඕ‘ නමෝ ලංගරෙ ස්වාහ’’ මෙයින් මතුරා එඬරු තෙල දපා බඬේ ගානු. පෙරුංකායම් දුම්මල පොල් උතු අඟුරෙන් බඩ දුම්පානු. පළමු දුන් බෙහෙතින් ඈලියාව වැටේ.
 
 4. යක්‍ෂ විරේකයක්
 
balangoda2 කරල්සැබෝ කරල් අහුරක් ගෙන ලූණු, මිරිස් මිටක් එක්කොට බැද චූර්ණ කර අලූත් එඬරු තෙල් කුළුඳුලක් සැබෝ චූර්ණ බිළාල පාදයක් ලා ලේහ කරන්න. උණුදිය බොනු.
 
 5. ඈලියා වැටීමට
 
 ‘‘ ඕං නමෝ හංගැට දේවතාවාතැයනී ගභ_ වහරි ඒස්වාහ’’ මේ මන්ත‍්‍රයෙන් එඬරු තෙල් කොහොඹ තෙල් මතුරා බඩ ඇඟ ගල්වා මිරිස්, කොසඹ කොළ, යකවනසු මෙකී දේ මිල්ල අඟුරෙන් බඩට දුම් ගස්සනු. ඈලියා වැටේ.
 
 6 ඈලියා වැටීමට
 
 දළුක්, සීනුක්, පතුක් මේවායේ කිරි සමව ගෙන පොල් ගෙඩිය දිය හැර කිරි පුරවා, තිකුළු සුනු එහි ලා මූඩිය වසා මැටි මැද වැරටි පූටයෙන් ගිනිකර පොල්උතු කටුව කළු වුව කිරි සිඳුනාම ගෙන පොල්, තිපල් සුණු සතර භාගයක් ලසුනු තුන් භාගයක් පෙරුංකායම්, සවින්දව දෙභාගයක්, විස හැරි ජයපාල සතර භාගයක්, තිකුළු සුනු තුන් භාගයක් මෙකී බේත් පළමු කී පොල් එක්කර අඹරා සුරැකිව තබා මින් මංචාඩි එකක බර එළඟිතෙලින් හෝ හකුරෙන් දී උෂ්ණාඹු පානය කරනු. මාංශ ඇට දිරූ සියලූම ඈලියා වැටේ.
 
 7. තද වූ ඈලියා වැටීමට
 
 සොඬල, බරන්දර, කරවිල, රණවරා, තෝර, ගැටතුඹ තලා මෙයින් කොළ හා තිකුළු, කසා, අබ, ලූණු එක්කොට කොටා මලවා බඩ තෙල් ගා ? බේත් බැඳ උදය ගිතෙල් කුළුදුල්ලකට තිකුණු සුනු බිළාල පාදයක් ලා අනා අත් පල්ලක ලා ලිප තබා බැදෙන පදමට ඇඟිලි තුන දළුක් කිරේ ඇන තුන් බින්දු හෙලා ලේහ කරන්න. උෂ්ණාඹු පානය කරන්න. තද වූ ඈලියා වැටේ.
 
 8. ඈලියා වැටීමට
 
 කළු අත්තන, සුදු අත්තන, තුන්බෝ අත්තන, රන්වං තුන්බෝ අත්තන මෙකී මේ කොළ හා වරා කොළ, තිත්ත ලබු කොළ, අබ, ලසුනු, කසා ලූණු එක්කොට පසුඹු හෙව උයා කල්ක කොට බදුන් එඬරු තෙල් ගා බේත් පොපතින් බැඳ උදයට හීනටි හාල් බැද පතුක් මුල් යුද දියවර තබා බැදිසාල් කැඳ පිස පොවා ඇට ආදි ඈලියා හරිනු.
 
 9. යක්‍ෂ විරේකය
 
 අස් බෙටි, ඇත් බෙටි, කළදෑ බෙටි, එළගොව මෙකී දේ අබ, කසා, ලූණු ලා කොටා මලවා බඩ මී තෙල් හෝ එඬරු තෙල් හෝ ගා බේත් බැඳ උදය තැඹිලි කසපැන් දියෙන් අලූත් එඬරු තෙල් කුළුඳුලක් තිකුළු සුනු භාගයක් ලසුනු භාගයක් අඹරා එහි කලතා පොවනු. උෂ්ණාඹු පානය කරනු. සියලූ ඈලියා වැටේ.
 
 10. යක්‍ෂ විරේකය
 
 ධවල කුරුඳු, නික, කුඹුරු පොතු හා වදකසා සාමූල හා පෙර කී පොතු හා වල් වදුරා, කුඩුමිරිස, වල්මිරිස මෙකී කොළ හා පොතු මීමුරුවට එඬරු ඇට, තලා, අබ, කසා, ලූණු සියන් දුඹුළු, දුම්මෑල්ල, මුරුංගා පොතු මෙකී දේ ගෙන කොටා මලවා බඩ පස් තෙල් හා බේත් තුන් රැයක් බඳිනු. සියලූ ඈලියා වැටේ. යකා නම් ප‍්‍රලය වේ.
 
 11. යක්‍ෂ විරේකය
 
 තිකුළු, තිපල්. අරළු, මිලිල, පතුක්, මුල් සිනිඳු කර අඹරා ගව මුත‍්‍ර සතර නැලියක් කලතා කකාරා තුන් උදයක් බොන්න දෙනු. ගර්භ ශුද්ධ වේ. ඈලියා වැටේ. කුණු හැම නොරඳයි.

advertistmentadvertistment
advertistmentadvertistment