යතුරුපැදියක් ගැටී සීදුව වෛද්‍යවරයකුගේ කාරයක් ගිනිගෙන අළුවෙයි

1328

 සීදූව ගම්පහ මාර්ගයේ වෛද්‍යවරයෙක් ගමන් ගත් කාර් රථයක් අනතුරකට පත්ව සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ගොස් තිබේ. එලෙස ගිනිගත් කාර් රථය සීදූව විජය කුමාරතුංග රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා ගමන් ගත් කාර් රථය බව සීදූව පොලීසිය කීය.
 
 එම කාර් රථයට විරුද්ධ දිසාවෙන් වේගයෙන් පැමිණි තරුණයෙක් පැඳ වූ යතුරුපැදියක් ලිස්සා පෙරළී විත් කාර් රථයේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සුලූ වේලාවකදී කාර් රථය ගිනි ගැනීම සිදුව ඇත. කාර් රථයේ වායු බැලූන් පුපුරා සිරව සිටි වෛද්‍යවරයා ප‍්‍රදේශයේ ජනතාව විසින් එළියට ගෙන තිබේ.
 
 අනතුරව බරපතල තුවාල සහිතව සිටි යතුරුපැදිකරු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. කාර් රථය පැඳවූ වෛද්‍යවරයාට කිසිදු තුවාලයක් සිදුව නොමැත. ගිනි නිවන රථයක් ගෙන්නුවද එම රථය පැමිණෙන විටත් කාරය ගිනිගෙන දැවීගොස් හමාරය.
 
 මෙම පිළිබ`ද සී¥ව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දනුෂ්ක මද්දුමබණ්ඩාර මහතා පොලිස් සැරයන් 34023 පුෂ්පානන්ද, පොලිස් කොස්තාපල් 87516 පේ‍්‍රමරත්න, පොලිස් කොස්තාපල් 83006 දසනායක යන අය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
 
ආනන්ද නිශ්ශංක-කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment