යතුරුපැදියක් මිනීමරයි; පියා ජීවිතක්ෂයට පුතා රිමාන්ඩ්

515

පනාගොඩ යුද හමුදා කඳවුරේ කාලතුවක්කු බළකායේ සේවයේ නියුතු යුද හමුදා භටයෙක් තම 17 හැවිරිදි පුත්‍රයාගේ පිහි පහරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඌරුබොක්ක හැඳිඅළුව පාර පදිංචි පතිස්ආරච්චිගේ ප්‍රසන්න කුමාර 39 හැවිරිදි දෙදරු පියෙකි. පුතා විසින් උගස් කරන ලද තම යතුරුපැදිය පොලිය සමග දී නිදහස්කර ගැනීමට මුදල් පියාගෙන් ඉල්ලීම නිසා දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීම දුරදිග යෑමෙන් පුතා විසින් පියාට පිහියෙන් ඇන මෙම මරණය සිදුකර ඇති බව ඌරුබොක්ක පොලිසිය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකාර පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ඌරුබොක්ක – එච්. ආර්. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment