යතුරුපැදියකින් ආ සන්නද්ධ දෙදෙනෙක් මහ දවල් වෙඩි තබා පුද්ගලයකු මරයි  

744

වත්තල ඇලකන්ද ප්‍රදේශයේ ඊයේ (14 දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

වත්තල ඇළකන්ද පෞද්ගලික බැංකුවක් අසල දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකුට මෙලෙස වෙඩි තබා තිබිණි. වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 56/29 කැලණිය ගඟ, මිල්ස් පාර, මට්ටක්කුලිය පදිංචි නිපුන් චන්නක පෙරේරා (23) යන අය බව පොලිසිය හඳුනාගෙන තිබේ. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා දේහය රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත. වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

වත්තල – සරත් චින්තක

advertistmentadvertistment
advertistmentadvertistment