යතුරුපැදියෙන් ආ දෙදෙනාට සූරියවැවදී අලි ගහලා මරලා

181

ඥාති නිවසකට ගොස් යතුරුපැදියකින් යළි නිවස බලා එමින් සිටි පුද්ගලයන් දෙදෙනකු සූරියවැව මීගහජදුර දී වන අලි ප‍්‍රහාරයකට ලක්ව පෙරේදා (07 ද) රාත‍්‍රී මියගොස් ඇත.

යතුරුපැදියෙන් ආ දෙදෙනාට සූරියවැවදී අලි ගහලා මරලා

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි තිදරු පියකුවන කේ.ඒ. නන්දසිරි හා 38 හැවිරිදි දෙදරු පියකුවන සරත් චන්ද්‍රසිරි නමැති දෙදෙනාය. මිය ගිය දෙදෙනාම සූරියවැව මීගහජදුර වැලිවැව පදිංචිකරුවන්වන අතර ඔවුන් දෙදෙනාම සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණයේ සේවයේ නිරතවූවන් දෙදෙනෙකි.

යතුරුපැදියෙන් ආ දෙදෙනාට සූරියවැවදී අලි ගහලා මරලා

මියගිය පුද්ගලයන් දෙදෙනා පෙරේදා (07 දා) සවස සිය සේවා මුරය අවසන් වීමෙන් පසු ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය පිටුපස මාර්ගයේ ඇති සිය ඥාති නිවසකට ගොස් රාත‍්‍රී 10.00ට පමණ යළි නිවසට පැමිණෙමින් සිටියදී වන අලි ප‍්‍රහාරයට ලක්ව තිබේ. මිය ගිය එක් පුද්ගලයකුගේ සිරුරට වන අලියා දැඩි ලෙස හානි සිදුකර තිබුණි. සිද්ධිය පිළිබදව සූරියවැව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන පැවැත්වෙයි. ගම්මුන් පැවසුවේ කලක පටන් මෙම ප‍්‍රදේශයේ වන අලි කරදර උග‍්‍ර ලෙස පවතින බවත් මේ සඳහා වගකිවයුතු බලධාරීන් මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දීමට කටයුතු නොකිරීම නිසා මෙලෙස මිනිස් ජීවිත වන අලින්ට බිලි වෙන බවත්ය.

මත්තල දිලීප් එන් ජයසේකර, සූරියවැව රොෂාන් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment