යතුරුපැදිය ට්‍රක්රියක ගැටී තමිල්නාඩු සරණාගත කඳවුරේ සිටි උතුරේ තරුණයෝ තිදෙනා මරුට

82

යතුරුපැදියක් ට්‍රක්රථයක මුහුණට මුහුණ ගැටීම නිසා උතුරේ පදිංචි තරුණයන් තිදෙනකු ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේදී පෙරේදා (23 දා) මියගොස් තිබේ.

යාපනය, මන්නාරම හා මුලතිව් යන පළාත්වල පදිංචිව සිටි දයාලන් (20), ජෝන් (19) සහ චාල්ස් (19) යන තරුණයන් තිදෙනා ඉන්දියාවේ තමිල්නාඩු මණ්ඩපම් සරණාගත කඳවුරේ සරණාගතයන් වශයෙන් ජිවත් වන අතර ඔවුන් තිදෙනා යහළුවකු මුණ ගැසීමට එකම යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ. ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයේ යතුරුපැදිය ගැටීමත් සමගම ට්‍රක්රථය මෙම තරුණයන් තිදෙනාවම යටකර ගෙන යෑම නිසා ඔවුන් තුන්දෙනා සිද්ධිය වූ

ස්ථානයේදීම මියගොස් ඇත. රාමේස්වරන් පොලිසිය ට්‍රක් රථයේ රියැදුරාව අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන අතර මියගිය තිදෙනාගේ මළසිරුරු ඉන්දියාවේදී මිහිදන් කිරීමට පවුල්වල ඥාතීන් පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment