යතුරුපැදිය පාලමේ ගැටී තිදරු පියා එතැනම මරුට

165

කිලිනොච්චිය, පරන්තන්, මුලතිව් මාර්ගයේ වැලිකන්දල් පාලමේ යතුරුපැදිය ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 ඉකුත් 10 දා රාති‍්‍රයේදී මෙම අනතුර සිදුව ඇති අතර ධර්මපුරම් ප‍්‍රදේශයේ සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ යතුරුපැදිය අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාලමේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

 ඒ අනුව යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

 මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිලිනොච්චිය කට්ටකාඩු ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකු වන පද්මනාදන් රවීන්ද්‍රන් නමැති අයෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment