යතුරුපැදිය පුහුණු කරන්න ගිහින් පාසල් සිසුවියට අතවර කරලා

1

44 හැවිරිදි ත්‍රිරෝද රියැදුරා දැලේ

යතුරුපැදි පැදවීම පුහුණු කරමින් සිටි පුද්ගලයකු වයස අවුරුදු දාසයක පාසල් දැරියක්ව දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ පාසල් සිසුවියකට ඉතා පහසුවෙන් පාසල් යෑම සඳහා ඇගේ දෙමව්පියන් විසින් කුලී පදනමක් මත ත්‍රිරෝද රථයක සේවාව ලබාගෙන තිබේ.

එම ත්‍රිරෝද රථයේ රියැදුරා පාසල් සිසුවිය පාසල හා නිවස අතර ප්‍රවාහනය කරමින් කාලය ගත කරන අතරවාරයේ ඔහු පවසා ඇත්තේ ඇය නිවසේ ඇති යතුරුපැදිය පුරුදු පුහුණු වීම සිසුවියට වාසිදායක විය හැකි බවයි.

හතළිස් හතර හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරා කී දේ පිළිගෙන දෙමව්පියන් ඒ සඳහා සිසුවියට අවසර ලබා දී තිබේ.

සිද්ධිය වූ දිනයේදී පාසල් සිසුවියට යතුරුපැදිය පුහුණු කරමින් සිටි පුද්ගලයා එහි දෝෂයක් ඇති නිසා සිසුවියට එය පැදවිය නොහැකි බව කියමින් ඇයට එහි පිටුපස වාඩි වී තමන් සමග පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව සිසුවියද යතුරුපැදියේ නැගී ඔහු සමග ගොස් ඇති අතර පාළු ස්ථානයකදී එය නවත්වා යතුරුපැදියේ දෝෂය වැඩි වී ඇති බව කියමින් එය පරීක්ෂා කිරීමට පටන් ගත් රියැදුරා පසුව ඇයව දූෂණය කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය දෙමව්පියන්ට තොරතුරු පැවසීමෙන් පසුව ඔවුන් යාපනය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කොට ඇති පොලිසිය සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment