යතුරුපැදිය ලොරියේ ගැටීතරුණයෝ දෙදෙනාම මරුට

166

මුත්තෙට්ටුගල, ගනේවත්ත මාර්ගයේ වැල්ලව මහකන්දේගම පාලම අසල දී 02දා දින රාත‍්‍රී 10.10ට පමණ යතුරුපැදියක් හා බට්ටා වර්ගයේ ලොරියක් මුහුණට මුහුණ ගැටී යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

යතුරුපැදිය ලොරියේ ගැටීතරුණයෝ දෙදෙනාම මරුට

වැල්ලව පනාගමුව වත්තේ කේ. ඇම්. සුජිත් රංගන (43) සහ හුණුපොල, දොළුකන්ද ප‍්‍රදේශයේ කේ. ඇම්. කනිෂ්ක නිර්වාන් කරුණාරත්න නමැති (19) හැවිරිදි තරුණයා මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත් විය. යතුරුපැදිය පැදවූ සුජිත් රංගන ප‍්‍රවාහන පහසුකමක් නැතිව මඟ රැඳී සිටි තරුණයාද නංවාගෙන වැල්ලව නගරය දෙසට ගමන් කරමින් සිටිය දී ප‍්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයේ ගැටී ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් වැල්ලව රෝහලට ඇතුළත් කිරීමේ දී මරණයට පත්විය. ලොරි රියැදුරාද තැලූම් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබයි. අනතුරට පත් වාහන වැල්ලව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලව පොලිසියේ ස්ථානාධිපති (ප‍්‍ර.පො.ප) අජිත් කුමාර මහතාගේ

උපදෙස් මත රථවාහන අංශය ස්ථානාධිපති (පො.ප.) වසන්ත විජේබංඩාර, පො.සැ. (26219) වීරක්කොඩි (පො.සැ) (45961) හේරත් යන මහත්වරු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

අර්වින් රෝයි – වැල්ලව

advertistmentadvertistment
advertistmentadvertistment