යතුරුපැදි 40 ක් ඉස්සූ 79 හැවිරිදි නමගිය අපරාධකරු අත්අඩංගුවට: හිරෙන් පැන නැවත සුද්දෙ දීලා!

536

මොෆෙඞ් වර්ගයේ යතුරුපැදි 40 කට ආසන්න සංඛ්‍යාවක් සොරාගත් හැත්තෑ නව හැවිරිදි සැකකරුවකු සොරාගත් යතුරුපැදි 06 ක් සමඟ අත්අඩංගුවට

ගැනීමට එප්පාවල පොලිස නිලධාරීන් සමත් වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරු මින්නේරිය, දුම්රිය පළ හන්දිය ප‍්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි තිදරු පියකු බව එප්පාවල පොලිසිය පවසයි. සැකකරු දිවයිනේ නම ගිය අපරාධකරුවකු බවත්, මීට පෙර යතුරුපැදි 17 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට විභාග වන නඩු පවතින බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මේ අතර අවුරුදු 16 ක් සිරදඬුවම් නියම වී සිරදඬුවම් විඳිමින් සිටියදී සැකකරු පැනවිත් සැඟවී සිටිමින් මෙලෙස යතුරුපැදි සොරකම් කරමින් අලෙවි කර ඇතැයිද පොලිසිය පවසයි.

පසුගිය 25 දා එප්පාවල නගරයේ මොෆෙඞ් වර්ගයේ යතුරුපැදියක් සොරකම් කළ බවට එප්පාවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව එප්පාවල පොලිස් ස්ථානාධිපති, පො.ප. රෝහණ අධිකාරී මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජයම්පති, පො.සැ. (36940) ඉරුගල්, පො.කො. වරුන් වන (67338) ජයසිංහ, (75833) දිනේෂ් යන නිලධාරීන් එප්පාවල නගරයේ වෙළෙඳසැල් කීපයක සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර ඇත. ඒ අවස්ථාවේදී සැකකරු යතුරුපැදියක් සොරාගෙන යන අයුරු දැක ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කර සැකකරු හඳුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment