යතුරු පැදියක් ඇළකට වැටී සිසුන් දෙදෙනෙක් මරුට

128


පාසල් සිසුන් සිව් දෙනෙකු ගමන් කළ යතුරු පැදියක් දඹුල්ල වෑමැඩිල්ල ජලාශයේ වාන් ඇළට වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය පවසයි.

යතුරුපැදියක වේගය පාලනය කර ගැනීමටට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම සිව් දෙනා විනෝදාංශය සඳහා එක යතුරුපැදියක පැමිණ තිබෙන බවත් අඩි හැත්තෑවක් පමණ ප්‍රපාතයකට මෙම යතුරුපැදිය වැටී අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලීිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment