යතුරු පැදියකින් ඇවිත් ගිලන් රථ රියැදුරට වෙඩි තබයි

214


පානදුර මූලික රෝහල ඉදිරිපිට දී අද දහවල් යතුරුපැදි දෙකකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් සිව්දෙනෙක් ගිලන්රථ රියදුරෙකුට වෙඩිතබා පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර උණ්ඩය නිසියාකාරව පත්තු නොවීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැතැයිද පොලිසිය සඳහන් කරයි.

දිමුතු කුමාර නැමැති ගිලන්රථ රියදුරෙකු ඉලක්ක කරගනිමින් වෙඩිතැබීම සිදුකර ඇත. හෙරොයින් මත්කුඩු කිලෝ 45 ක් යුදහමුදා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ඒවා අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තුවක් ලබාදීම වෙඩිතැබීමට ආසන්නතම හේතුව බවට හදුනාගෙන ඇති බවත් පරීක්ෂණ පවත්වන නිළධාරියෙක් පැවසීය.

ගිලන්රථය දහවල් 11.15 ට පමණ පානදුර කේතුමතී කාන්තා රෝහලෙන් පිටත්ව පානදුර මූලික රෝහලට පැමිණ ඇති අතර ගිලන්රථය ලුහුබැඳ පැමිණි තුවක්කුකරුවන් රථය පානදුර මූලික රෝහලට ඇතුල් කරනවාත් සමගින් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී වෙඩිතබා මොරටුව දෙසට පලාගොස් ඇති බවට ලද තොරතුරු මත පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment