යතුරු පැදියේ ගිය තරුණයින්ට ඇසිඩ් ප්‍රහාරයක්

190

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර පලාගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.

ඊයේ (15දා) රාත්‍රීයේ පුත්තලම ඉබන් බතූතා මාර්ගයේදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත. ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පුත්තලම ඉබන් බතූතා මාවත පදිංචිව සිටි සේගූල් ආබ්දීන් ඉන්ෆාස් (23) සහ ෆයිරූස් නජීබ් (21) නම්වූ තරුණයින් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා පුත්තලම නගරයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් අලවි සැළක සේවකයින් බව පොලීසිය කියයිගසේවා කටයුතු අවසන් වී නිවාස බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට ඔවුන් ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත.

ඇසිඩ් ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති තරුණයින් දෙදෙනා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද්දේ කව්රුන් විසින්ද යන්න ඊට ලක්වූ අයවළුන් හදුනා ගෙන නැත.

advertistmentadvertistment
advertistmentadvertistment