යතුරු පැදියේ යන ගමන් මිය යයි

389

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරු පැදිය ධාවනය කරමින් සිටියදිම ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිහිරිපැන්න ප්‍රදේශයේදි මියගොස් පාරට වැටි ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇති පුද්ගලයා වඳුරඹ මාබොටුවන මාගෙදරවත්ත පදිංචි 59 හැවිරිදි අය බවට හඳුනාගෙන ඇත.

ඔහු හෘදයා බාධයකින් පෙලන අයෙකු බවට අනාවරණයවි ඇති බවත් අද (20) උදේ ඔහු යතුරු පැදියෙන් හබරාදුව සිට ගාල්ල දෙසට යමින් සිටියදි යතුරු පැදිය මතදිම මියගොස් වැටි ඇති බවත් පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment