යනවා… හැබැයි තමුසෙ ළමයින්ට ආදරේ තාත්තෙක් නෙවෙයි!

946

මොහු දෙදරු පියෙකි. නම නාමල්ය. නාමල් රාජකාරි කළේ පොලිසියේය. ඔහු පොලිස් කොස්තාපල්වරයෙකි.

ගමට දුරින් පිහිටි පොලිසියකට අනුයුක්තව රාජකාරි කරන ඔහු නිවසට පැමිණෙන්නේ සති අන්තයේය.

“ඒයි ළමයි දෙන්නා අම්මලාගෙ ගෙදරට දාලා එන්නකෝ” බිරිඳ නාමල්ට කීවේ කුස්සියේ උයන පිහින අතරය.

“බබාලා එන්න” යතුරුපැදිය පණගන්වාගත් නාමල් කුඩා දරු දෙදෙනාව යතුරුපැදියේ නංවාගත්තේ ඔහුගේ හිසට හෙල්මටය දමා ගනිමිනි.

නිවසේ සිට මීටර් සියයකට එහා රථ වාහන පොලිසිය මාර්ග සෝදිසියකය.

පොලිසියේ දහ දොළොස් දෙනෙක් එක දිගට වාහන අල්ලා පරීක්‍ෂාවකය.

‘කෝ ලයිසන් ගන්න” පොලිසියේ අයකු නාමල්ට කීවේය.

ලයිසන් ඉන්ෂුවරන්ස් පෙන්වීය. ‘කෝ ළමයින්ට හෙල්මට් ‘සර් මමත් පොලිසියෙ’ ඔහු පොලිස් හැඳුනුම්පතද පෙන්වා කීය.

තමුන් කරන්නෙ සම්පූර්ණ වැරදි වැඩක්. පොලිසියෙ නම් නීතිය දන්නවනෙ. මට ඕන නම් දඩ කොළයක් දෙන්න පුළුවන්. යනවා, යනවා තමුසෙ ළමයින්ට ආදරේ තාත්තා කෙනෙක් නෙවෙයි.

නාමල්ට ඒ කතාව නම් බොක්කටම වැදින.

  • ප්‍රේම්
advertistmentadvertistment
advertistmentadvertistment