යල වගාවට බණ්ඩි පෝර මිල රු.4500කින් බස්සයි

81

බණ්ඩි පොහොර (මියුරියේට් ඔෆ් පොටෑෂ්) මිල මෙම යල කන්නයේදී රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය මහ කන්නයේදී රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් කිලෝග්‍රෑම් 50කින් සමන්විත බණ්ඩි පොහොර මිටියක් රුපියල් 19,500ක මිලට අලෙවි කරනු ලැබීය. එමෙන්ම පුද්ගලික අංශය විසින් බණ්ඩි පොහොර මිටියක් රුපියල් 22,500ක් බැගින් වූ මිලකට අලෙවි කරනු ලැබිණි. නමුත් මෙවර යල කන්නයේදී ගොවි නිෂ්පාදන වියදම් අඩු කිරීමේ අරමුණින් බණ්ඩි පොහොර මිල රුපියල් 15,000 දක්වා අඩු කිරීමට තමා ඉදිරිපත් කළ යෝජනාවට 2023.05.08 දා රැස්වූ මිල කමිටුව අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ඉකුත් 15 වැනිදා සිට බණ්ඩි පොහොර මිටියක් රුපියල් 15,000කට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

බණ්ඩි පොහොර නිකුත් කිරීම අඛණ්ඩව ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් සිදු කරන අතර තමන්ට පහසු දිනයක බණ්ඩි පොහොර මිල දී ගැනීමට ගොවීන්ට හැකිවන පරිදි පහසුකම් සලසා තිබේ. තමන්ට වී වගාවට අවශ්‍ය බණ්ඩි පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී කඩිනමින් ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment