යස්මින් සුකා ‘තවත් මරයි’

303

49 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට සති දෙකක් තිබියදී එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා වන්නි මෙහෙයුමින් මියගිය ද්‍රවිඩ ජාතිකයන් ගණන හතළිස් දහසේ සිට එක්ලක්ෂ හැටනවදහස් හත්සිය අනූහය දක්වා වැඩි කර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත වාර්තාවක් යවා ඇත.

යස්මින් සුකා සෑම මානව හිමිකම් සමුළුවක් ආසන්න වන අවස්ථාවේම මරණයට පත් ද්‍රවිඩ ජාතිකයන් සංඛ්‍යාව වැඩි කරන බව තහවුරු කෙරෙන සාක්කි තමා සතු බව බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා පැවසීය.

මියගිය ද්‍රවිඩ ජාතිකයන් එක් ලක්ෂ හැටනව දහස් හත්සිය අනූහය දෙනකුගේ නම් ගම් හෝ ඔවුන් සිටි ස්ථාන හෙළි කිරීමට ඇය කි‍්‍රයා කර නැත. මානව හිමිකම් කොමසාරිස්වරිය මෙවන් බොරු සංඛ්‍යා ලේඛන ගැන දැඩි අවධානය යොමු කළ යුතුයි යැයි නෙස්බි සාමිවරයා තවදුරටත් සඳහන් කළේය.

බි‍්‍රතාන්‍යයේ රහස් වාර්තාවකට අනුව වන්නි මෙහෙයුමේදී මියගිය සංඛ්‍යාව හයදහසත් හත්දහසත් අතර බව ද නෙස්බි සාමිවරයා හෙළි කළේය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment