යස්මින් සුකා පොහොට්ටුවේ ලන්ඩන් ශාඛාවේ සභාපතිවරයාට එරෙහිව පැවරූ නඩුව ගැන ආණ්ඩුව සොයාබලන්නේ නෑ… දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර

503

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ සභාපතිවරයා මෙන්ම ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභික ජෙයරාජ් පළිහවඩන මහතාට එරෙහිව යස්මින් සුකා විසින් ලන්ඩන් මහාධිකරණය හමුවේ පනවන ලද නඩුව පිළිබඳ ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් නොකරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛi වසන්ත බණ්ඩාර මහතා පැවසීය. වෛi වසන්ත බණ්ඩාර මහතා විසින් ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ (15 දා* ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
 
 මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ වාර්තාවේ අසත්‍ය සඳහන් කර තිබෙන බව පවසමින් යස්මින් සුකා විසින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ සභාපතිවරයා මෙන්ම ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභිකයකු වන ජෙයරාජ් පළිහවඩන මහතාට එරෙහිව ලන්ඩන් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. මුහුණු පොතේ :ේජැ ඉදදන* පළකර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් තමයි මෙම නඩුව පවරා තිබෙන්නේ.
 
 මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 46.1 යෝජනාව මගින් හමුදාවට එරෙහිව සාක්‍ෂි එකතු කිරීමත්, චෝදනා ගොනු කිරීමත් ආරම්භ කළා. යස්මින් සුකා විසින් යුද අපරාධ සිදුකළ බවට චෝදනා කරමින් හමුදා නිලධාරීන් 57 දෙනකු නම් කර තිබෙනවා. එම නිලධාරීන් අතර වත්මන් හමුදාපතිවරයා මෙන්ම ආරක්‍ෂක ලේකම්වරයාත් සිටිනවා. 46.1 යෝජනාවේ වාර්තාව ලබන පෙබරවාරි මාසයේදී ප‍්‍රකාශයට පත් වෙනවා. එහි නිර්දේශයන්ට අනුව ලෝකයේ රටවල් ගණනාවක් හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු දාන්න පටන් ගන්නවා. සමහර රටවල්වලට යන්න බැරි වෙනවා. ගියොත් අත්අඩංගුවට ගෙන වෙන රටවල්වලට පිටුවහල් කිරීමට පුළුවන් වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ලොකු කි‍්‍රයාවලියක් පටන් ගන්නවා. ඒ කි‍්‍රයාවලිය සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දෙන්නේ යස්මින් සුකා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය දරණ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය මගින්.
 
 එම කටයුතු පිළිබඳව ආණ්ඩුව කතා කරන්නේ නැහැ. කතා කරන්නේ ජාතික සංවිධාන වැනි සංවිධාන සහ පුද්ගලයන් පමණයි. ඒ අයත් බියවැද්දීම සඳහා තමයි මේ නඩුව දාල තිබෙන්නේ. මෙම නඩුව පැවරීම නිසා ජෙයරාජ් පළිහවඩන මහතාට පවුම් 40000 ක් 50000 ක් වැය වෙනවා. ඒ මහතා මේ නඩුවෙන් දිනයි. මේ නඩු දාන්නේ හිරේ දාන්න නෙවෙයි. මේවා කරන්නේ වියදම් කරවල, මහන්සි කරවල මේ පිළිබඳව කතා කරන අය නිහඬ කිරීම සඳහා තමයි. එතකොට ඔවුන්ගේ මතය පමණක් ඉතිරි වෙනවා.
 
 එහෙත් ආණ්ඩුව මෙම නඩුව පැවරීම මහා ව්‍යසනයක එක් කොටසක් ලෙස දකින්නේ නැහැ. මෙම කටයුතු සඳහා තානාපති කාර්යාලයෙන් පොඩි උදව්වක්වත් නැහැ. ජෙයරාජ් පළිහවඩන මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ සභාපති. එම නිසා හෝ මේ පිළිබඳව සොයා බැලිය යුතු බව වැඩිදුරටත් අදහස් දක්වමින් වෛi වසන්ත බණ්ඩාර මහතා පැවසීය.


එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment