යහපාලන කාලේ පාඩු ලැබූ ජනවසම දැන් ලාභ ලබනවා – ඇමැති මහින්දානන්ද

100

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියලූම වතුවල කම්කරු පවුල්වලට ඉඩම් කොටසක් ලබාදී නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය ආධාර ලබාදීමේ ව්‍යාපෘතිය ලබන අපේ‍්‍රල් වනවිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කළේය.

යහපාලන සමයේ රුපියල් මිලියන 757 ක් පාඩු ලැබූ ජනවසම මේ වනවිට ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති බැවින් ලබන අපේ‍්‍රල්වලට පෙර ජනවසම වතුවල පදිංචි කම්කරු පවුල්වල ජන ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීවේය.

මහනුවර දිස්ති‍්‍රක්කයේ පිහිටි ජනවසමට අයත් වතුවල පිහිටි ලියාපදිංචි හින්දු කෝවිල් 79 කට රුපියල් 50,000 ක් බැගින් රුපියල් මිලියන 4ක ආධාර මුදල් ලබාදීම සඳහා නාවලපිටිය අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති රැුස්වීමකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.

‘‘යහපාලන කාලයේ ජනවසම වතුවල දෛනිකව තේ දලූ කිලෝ ලක්ෂයක් බැගින් නෙළා තිබුණත් එදා කිලෝව විකුණා තිබෙන්නේ රුපියල් 65 කට බවත්, අපි දැන් ටෙන්ඩර් කැඳෙව්වාම තේ දලූ කිලෝවට රුපියල් 90 ක් ලබාදෙන බවත් පැවසූ ඇමැතිවරයා යහපාලන කාලයේ තේ දලූවලින් විතරක් දවසකට රුපියල් ලක්ෂ 30 ක් පමණ වංචා කර තිබෙන බවත්, වතුවල ඉඩම්, වතු බංගලා දේශපාලන හිතවත්කම්වලට දීලා තිබූ බවත් ඒ සියලූ හොර ගනුදෙනු කැන්සල් කරලා විනිවිදභාවයෙන් කටයුතු කරලා ජනවසම ලාභ ලබන තත්ත්වයට පත්කර ඇති බවත් කීවේය.

ජනවසම වතුවල නිවාස සංවර්ධන අධිකාරිය හා වෙනත් අරමුදල් උපයෝගි කරගෙන ඉදිකරමින් පවතින නිවාසවල ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

2020 දක්වා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන ජනවසම වැටුප් ගෙවා ඇති නමුත් 2020 සිට මේ දක්වා ජනවසම ආදායමෙන් වැටුප් ගෙවීමට හැකිව ඇති බවත් වතු කම්කරුවන්ට දිනකට රුපියල් දාහක වැටුප් ගෙවීමට රජය ගත් තීරණය මුලින්ම කි‍්‍රයාත්මක කිරීමට ජනවසමට හැකි වූ බවත් ජනවසම වතුවල මෙතෙක් චෙක්රෝලේ සිට සිදුවූ සියලූ දූෂණ වළකා වතුවල තේ වලට අමතරව අතිරේක ආදායම් මාර්ග හඳුනාගෙන ඒවා කි‍්‍රයාත්මක කිරීම නිසාත් ලාභ උපයන තත්ත්වයට වතු සියල්ල කටයුතු කරන බව ජනවසම සභාපති බුවනෙක අබේසූරිය මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment