යහපාලන සමයේ සතොස වංචා ගැන කළ පැමිණිලිවලට ප‍්‍රතිචාරයක් නෑ… හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන

182

යහ පාලන ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදු වූ වංචා දූෂණ පිළිබඳව 2020 වසරේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රගතියක් දැක ගන්නට නැතැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘‘දිවයින’’ට ඊයේ (05දා* පැවසීය.

චමල් රාජපක්‍ෂ ඇමැතිවරයා 2020 වෙළෙඳ ඇමැතිවරයාව සිටියදී තමා සතොසේ කෙටි කාලයක් සේවය කළ බවත් එහිදී යහපාලන කාලයේ සිදු වූ වංච දූෂණ රැසක් සම්බන්ධයෙන් චමල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත තමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් තුෂාන් ගුණවර්ධන මහතා කීය.

දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සතොස දූෂණ, වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට ඇතැමුන් ප‍්‍රකාශ කරන්නේ තමා විසින් සිදු කරන ලද පැමිණිලි පිළිබඳව බවද ඒ මහතා කීය.

තමා විදෙස්ගතව රුපියල් ලක්‍ෂ 60කට වඩා වැටුපක් ලබමින් සිට පාරිභෝගික අධිකාරියේ රුපියල් ලක්‍ෂයක වැටුපට පැමිණියේ රටට සේවයක් කිරීමට බවත්, එවැනි තත්ත්වයක් රට තුළ නැතිනම් රටේ අනාගතය ගැන සිතා

ගැනීමට අපහසු බවත් ඔහු කීය.

තමාට එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන්ද මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි කී තුෂාන් ගුණවර්ධන මහතා තමා සතුව තිබෙන වංචා දූෂණවලට අදාළ ලිපිගොනු ජනාධිපතිවරයා හමු වී ලබා දෙන බවද වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment