යහමගට ගන්න කඳවුරට භාරදුන් පුතාට ඇයි මෙහෙම දෙයක් වුණේ !

468

කන්දකාඩු කඳවුරෙන් පළාගොස් සිටියදී මියගිය මොහාන්ගේ මව හැඬූ කඳුළින් අසයි

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ නේවාසිකව සිටියදී ඉන් පලාගොස් පොලොන්නරුව වනගත ප්‍රදේශයකදී මියගොස් සිටියදී හමුවූ මොහාන් කුමාරගේ නිවස සොයා ගියේ ඔවුන්ගේ කතාව කතාව දැනගැනීමටයි.

මොහාන් කුමාර (31) පදිංචිව සිටියේ නො. 47/2, රග්ගහවත්ත, කඩුවෙල ලිපිනයේයි.

ඔහුට තවත් බාල සොහොයුරෙක් සහ සොහොයුරියක් ද සිටී. බාල සොහොයුරු ශසී කුමාරත් (29) කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ නේවාසිකයෙකි.

තම දරුවා යහමගට ගැනීමට සිතා මෙම කඳවුරට භාරදුන් මව වන කේ.ජෙයභාරතී හැඬූ කඳුලින් පැවසුවේ දරුවාගේ ජීවිතයට සාධාරණයක් ඉටුවිය යුතු බවයි.

”‍ අනේ මගෙ දරුවෝ දෙන්න යහමගට ගන්න අපිමයි පොලිසියට කියල දෙන්නම බාර දුන්නේ. එක දරුවෙක් මට නැතිවුණා. මම කියන්නෙ අනිත් දරුවා මට ආපහු ඕනෑ. දවස් හතරක් කැලේ ඉඳලා කන්න නැතිව මියගියා කියන එක මම නම් පිළිගන්නෙ නෑ. මගේ දරුවගෙ මිනිය ගෙන්න ගන්න වියදම් කරන්න අපිට වත්කමක් නෑ. අපිට සාධාරණයක් කරන්න. මගෙ පොඩි පුතා එක්ක කතාකළා. එයා මේ මොකුත් දන්නෙ නෑ.

එයාට කියල තියෙන්නෙ අයියා රෝහලේ ඉන්නව කියල.”‍

මියගිය මොහාන්ගේ පියා ඔහු කුඩා කලම මියගොස් නිසා මෙම දරුවන්ගේ බර කරට ගෙන ඇත්තේ ආදරණීය මවයි. මොහු නවය ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ය ලබා ඇත. කෙසේ වෙතත් හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වූ මොහාන් සහ ඔහුගේ සහෝදරයා පසුව ඒ සඳහා මුදල් සෙවීමට සොරකම් පවා කරන්නට පටන් ගත් නිසා පවුලේ වැඩිහිටියන් මොවුන් ව කඩුවෙල පොලිසියට භාරදීමෙන් අනතුරුව කඩුවෙල අධිකරණ නියෝග මත කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙත මීට මාස හයකට පෙර යවා තිබෙනවා. එදා සිට අද දක්වා ඔහු කිසිදිනක නිවසේ අය සමග කතා කොට නැහැ. නමුත් මල්ලී ශසී කුමාර නම් මව සහ ආච්චි සමග කතා කර තිබේ.

කුඩා නිවසක ජීවිතේ සමග පොරබදන මොහාන්ගේ අම්මා ඇතුලු‍ පිරිසට මේ වියෝව දරා ගත නොහැකිය.
කඩුවෙල සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment