යළිත් කොවිඩ් රැල්ලක්!

159

කොවිඩ් – 19 වෛරස ආසාදිතයන්ගේ වාර්තා වීම දෛනිකව ඉහළ අගයක් ගැනීම යළි කොවිඩ් රැල්ලක පෙර නිමිති පහළ වීමක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය, හේමන්ත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය.ට ප්‍රකාශ කළේය.

ඉකුත් දින හතරදී කොවිඩ් ආසාදිතයන් 75 – 62, 62 සහ 57 ලෙසින් මෙරටින් වාර්තා වූ බවත් ඒ අතර දිනකට මරණ 2 හා 3 බැගින් වාර්තා වීමත් සැලකිල්ලට ගත යුතු තත්ත්වයක් බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

ඇතිව තිබෙන අවදානම් තත්ත්වය මත තමන් ලබාගත යුතුව ඇති කුමන හෝ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබාගැනීමට කඩිනමින් ක්‍රියාකළ යුතුව ඇතැයි ද කී වෛද්‍යවරයා ඒ සඳහා කල් මරමින් පසුවීම කනගාටුවට හේතු විය හැකි බව ද අවධාරණය කළේය.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment