යළි ඇරඹුණු ප‍්‍රසංග

135

 මේ නීතිවලට ෂෝ කරන්න බෑ… – නලීන් පෙරේරා
 
 
 ඇත්තටම පසුගිය කාලෙත් එක්ක බලද්දී යම් සීමාවක් ඇතිව විවාහ මංගල උත්සව වගේම ගෘහස්ථ ප‍්‍රසංග යම් සීමාවක් යටතේ පවත්වන්නට අවසර ලබාදීම මියුසික් ඉන්ඩස්ටි‍්‍ර එකේ මියුසිෂන් කෙනෙකුට ලැබුණ හොඳම අවස්ථාවක්. මොකද මේ ක්‍ෂේත‍්‍රය රැුකියාව කරගත්තු විශාල පිරිසක් හරියට බැලූවොත් පසුගිය පාස්කු ප‍්‍රහාරයේ ඉඳල අද දක්වාම විශාල වශයෙන් අසරණ තත්ත්වයට පත්වෙලා. ඒ අතරේ නොහිතපු විදියට ලෝකෙ පුරා පැතිරලා තියෙන මේ වසංගත තත්ත්වය තව තවත් අපි හැමෝවම අසරණ කළා.
 
 nainහරියට බැලූවොත් මෙවැනි සීමා මායිම් ඇතුළේ ඉඳගෙන ප‍්‍රසංග කලාවේ නියැළෙන්න අමාරුයි. මොකද ක‍්‍රවුඞ් එක සීයක් වුණත් දෙසීයක් වුණත් ඒ සඳහා වැයවන මුදල එක සමානයි. ඒත් පැමිණෙන පිරිස අනුව තමයි ප‍්‍රසංග සංවිධායකවරුන්ට ආදායම ලැබෙන්නේ. එතනදී ප‍්‍රසංගයක් සඳහා සම්බන්ධ වන ගායක ගායිකාවන් සංගීත කණ්ඩායම විදුලි ආලෝකය ඇතුළු ශබ්ද පරිපාලන කටයුතුවල නියැළෙන බොහෝ දෙනෙක් වෙනුවෙන් ඒ ලැබෙන ආදායම බෙදාදිය යුතු වෙනවා. ඉතින් අඩු පිරිසක් සම්බන්ධ කරගෙන කරන ප‍්‍රසංගවලින් ලැබෙන ආදායමෙන් කිසිම කෙනකුට වැඩක් නැති වෙනවා. හැබැයි ඉතින් මුකුත්ම නැතුව ඉන්නවට වඩා ලැබෙන පුංචි දේ වටිනාකමක් තියෙන බව තමයි මම කිව්වේ.
 
 හැබැයි ඉතින් මේ ක්‍ෂේත‍්‍රයේ නියැළිලා සිටින පිරිස ගැන කල්පනා කරලා මීට වඩා සංවිධානාත්මකව තම තමන්ගේ
 
 සංගීත කටයුතු පවත්වාගෙන යන්න පුළුවන් ක‍්‍රමවේදයක් අදාළ බලධාරීන්ට සකස්කර දීමේ හැකියාව තියෙනවා. අපි හිතමු හයසීයක් ආසන තියෙන හෝල් එකක් තියෙනව කියලා. සැණෙකින් තුන්සීයක් ආසන අඩුකරල දුරස්ථ භාවය ඇතිවෙන විදියට සැනිටයිස් කරල පැමිණෙන සංගීත ලෝලීන්ගේ වගේම ප‍්‍රසංගය සඳහා සහභාගි
 
 වන හැම කෙනකුගේම සම්පූර්ණ විස්තර ලබාගෙන සෞඛ්‍ය නීති රීති දැඩි කරල පූර්ණ ආරක්‍ෂාව මැද හොඳ සැලසුමක් ඇතුව මේ කටයුත්ත බොහොම හොඳින් කරගෙන යන්න අවස්ථාව සලසාදිය හැකියි. මම හිතනව මේ ගැන අපි පත්තරවලට කියන මේ අදහස් දැකලවත් ඒ තත්ත්වය අපිට උදාකරල දෙයි කියලා.
 
 
 බලධාරීන්ගේ සහයෝගය ඕනා – ඉරාජ් වීරරත්න
 
 
 
 රට තුළ පවතින අනිකුත් ක්‍ෂේත‍්‍ර වගේම සංගීත ක්‍ෂේත‍්‍රයත් ආරක්‍ෂා කරගෙන පවත්වාගෙන යන්න අවශ්‍ය සහයෝගය අදාළ බලධාරීන් විසින් ලබාදිය යුතුයි. මොකද අද මේ ක්‍ෂේත‍්‍රයේ ජීවන වෘත්තිය කරගත්තු බොහෝ අය එළවලූ විකුණන” බිත්තර විකුණන වෙළෙන්දන් බවට පත්වෙලා. ව්‍යාපාර කටයුත්තක irajනියැළීම නරක දෙයක් නෙමෙයි. ඒත් තමන්ගේ වෘත්තිය සංගීත ක්‍ෂේත‍්‍රය කරගත්තු කෙනෙක් තමන් තුළ තියෙන ඒ ගායන වාදන හැකියාව යටපත් කරගෙන ජීවත්වීම සඳහා වෙනත් වෘත්තියක් තෝරා ගන්නෙ කර කියාගන්න දෙයක් නැති කමට.
 
 ඒක බොහොම කනගාටුදායක කාරණාවක්. ඉතින් මේ වෙලාවේ මම කියන්නෙ රටේ ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලැබිල රට සාමාන්‍ය තත්ත්වයට පත්වීගෙන එන අතරේ හැම කෙනකුටම තම තමන්ගේ
 
 ජීවන වෘත්තීන් බාධාවකින් තොරව රට තුළ පවතින සියලූම ආරක්‍ෂිත ක‍්‍රමවේද සෞඛ්‍ය කටයුතුවලට මූලිකත්වය දෙමින් පවත්වාගෙන යන්න ඉඩහසර සැලසිය යුතුය. බොහෝ අය කියන දෙයක් තමයි විනෝද කටයුතු අවශ්‍ය නෑ කියලා. ඒත් ඒක අසාධාරණ කතාවකි. මොකද ගායන වාදන ශිල්පීන් ඇතුළු ඒ හා සම්බන්ධ පිරිස් මෙතෙක් ජීවත් වුණේ ඒ දේවල් හරහා. සමාජයේ අනෙක් වෘත්තීන්වල නියැළෙන අයට තියෙන අවශ්‍යතාව තමයි ඔවුන්ටත් තියෙන්නේ. ඒ නිසා මේ විදියට සීමාවක් ඇතුව නැවත ආරම්භ කරපු මේ සංගීත කටයුතු රටේ පවතින නීති රීතිවලට අනුව වැඩිදියුණු කර ගැනීමට අපි හැමෝම වගකීමෙන් කටයුතු කළ යුතු බවත් මේ අවස්ථාවේ කියන්න ඕන.
 
 
 
 
 මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගමු – සන්තුෂ් වීරමන්
 
 
 
 සීමාසහිතව වුණත් සංගීත ක්‍ෂේත‍්‍රයේ කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබාදෙන්නෙ ඒ ඒ ක්‍ෂේත‍්‍රවල නියැළෙන අයට වගකීමක් ඇතිව ඒ දේ කරගෙන යන්න කියෙන අදහසින්. ලොක්ඩවුන් එකකින් පස්සේ නැවත රට එක්තරා තැනකට එද්දී අදාළ සියලූම අංශ විවෘත කළොත් පමණයි අපිට රටක් santhushවශයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. මම සංගීතඥයෙක් වගේම රටේ පුරවැසියෙක් විදියටත් හැම කෙනකුටම කියන්න කැමතියි කලා ක්‍ෂේත‍්‍රයේ නියැළෙන අයත් රසවිඳින්න එන පේ‍්‍රක්‍ෂකයොත් කියන අපි දෙකොට්ඨාසයටම ලැබෙන අවස්ථාව සිහි කල්පනාවෙන් භුක්ති විඳින්න ඕන. එහෙම කළොත් තමයි අපි රටක් හැටියට ජයග‍්‍රහණය කළා වෙන්නේ. පවතින වසංගත තත්ත්වය හමුවේ රට වහන්නෙ අපේ ආරක්‍ෂාවට. ඒ තුළ ඉබේම අපි හැමෝගෙම ජීවිකාවට යම් යම් බාධා පැමිණීම හේතුවෙන් දවසින් දවස අපි අපිම පීඩාවට පත්වෙනවා. ඉතින් නැවත නැවතත් එවැනි තත්ත්වයක් මතු නොවී ජීවත්වෙන්න අපිට ලැබෙන මේ අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන අපේ දේවල් පවත්වාගෙන යෑම තමයි අපි කළ යුත්තේ.
 
 
 


 ශිල්පීන්ට ලොකු ධෛර්යයක් – සංඛ දිනෙත්
 
 
 
 මම දකින්නේනම් මේ ගැන විශේෂ අදහසක් දැක්වීම අවශ්‍යත් නෑ කියලා. බොහොම කනගාටුවෙන් කියන්න තියෙන්නෙ මට දැනුන එකම දේ සංගීතය කියල කර්මාන්තයක් නැහැ කියන එක.
hasi 
 ඇත්තටම යම් යම් සීමාවන් යටතේ වුණත් මේ ලැබුණ අවස්ථාව සියලූම සංගීත ශිල්පීන්ට ලොකු ධෛර්යයක් ශක්තියක්. ඒත් මීට වඩා පුළුල් විදියට සංගීත ක්‍ෂේත‍්‍රයේ නියැළෙන ශිල්පීන්ට ඔවුන්ගේ
 
 එදිනෙදා ජීවිකාව කරගෙන යන්න අවස්ථව සැලසිය යුතුයි. හරියට කළොත් ඒ දේ කරන්න බැරි කමකුත් නැහැ. ඕනම වසංගත තත්ත්වයක් යටතේ ඉස්සෙල්ලම නවත්වන්නෙත් අන්තිමටම පටන් ගන්නෙත් එන්ටර්ටේට්මන්ට්ම තමයි. මම කිසිම කෙනකුට චෝදනා කරන්නෙ නෑ. ඒත් මීට වඩා සංගීත ක්‍ෂේත‍්‍රය වෘත්තීය කරගත්තු මිනිස්සු ගැන ගැඹුරින් හිතන්න ඕන. මේ විදියට හරි සහනයක් ලබාදීම හොඳයි. ඒත් ඒක මහ අරුමයක් විදියට සලකන්න බැහැ.
 
 
 
 – ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment